IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් ගෙනා කිලෝ 1500කට වැඩි කහ සමඟ 5ක් අල්ලයි

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් නීති විරෝධිව ගෙන ආ වියලි කහ කිලෝ 1600කට ආසන්න තොගයක් සහ සැකකරුන් පස්දෙනෙක් සිලාවතුර සහ කල්පිටිය ප්‍රදේශවලින් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද (27) අළුයම කළ විශේෂ මෙහෙයුම් දෙකකදී වියලි කහ කිලෝ 1599 ක තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනකු සහ කැබ් රථයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් නෞකා ථේරපුත්ත ආයතනය සහ සිලාවතුර පොලීසිය නිවසක් තුළ තිබූ මළු 33 ක අසිරූ වියලි කහ කිලෝ 1141 ක් සහ සැකකරුවන් පස්දෙනෙකු සමඟ කහ තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන කැබ් රථයක් ද, නෞකා විජය ආයතනය කල්පිටිය කළපුවේ ඉප්පන්තිව් දුපතේ තිබු මළු 21 ක අසිරූ වියලි කහ කිලෝ 458 ක් ද, බාරයට ගත් බවත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 48 ත් අතර වයසේ පසුවන සිලාවතුර සහ මන්නාරම යන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.



අදහස් (0)

ඉන්දියාවෙන් ගෙනා කිලෝ 1500කට වැඩි කහ සමඟ 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site