IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇසිඩ් පහරින් තුනක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල  ප්‍රදේශයේ  දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින්  අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර මාමා සහ බෑනා වන බවද පොලිසිය කියයි.සෙසු පුද්ගලයා මාර්ගයේ ගමන් ගත් අයකු බවද පොලිසිය සඳහන් කරයි.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා මත්පැන් පානය කර කෑ කෝ ගසමින් සිටියදී  එම ස්ථානයට පැමිණ තිබූ  තුවාල ලද මාමා සහ බෑණන්ඩිය ඔහුට කෑගසන්නට එපා යැයි පැවසීමේදී

නිවස තුළට ගිය ඔහු කොල පාරට හුරු කෝප්පයක්  රැගෙන විත් තමන් දෙසට එල්ල කළ බව  හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කල බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරේ



අදහස් (0)

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site