IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටිය පුංචි ඡන්දය දැන් පැවැත්වේ

(මහින්ද නිශ්ශංක)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණය අද පැවැත්වේ.

මධ්‍යස්ථාන 48 කදී අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන මෙම ජන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 8 ක් ස්වාධීන කණ්ඩායමක් තරග වදින බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය.

මන්ත්‍රී කොට්ඨාස 17 ක් සදහා සභිකයින් තෝරා ගැනීමේ මෙම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්දදායකයින් 55643 දෙනෙකු ලියාපදිංචිව සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම මැතිවරණය සඳහා නිලධාරීන් 600 දෙනෙකු හා ආරක්ෂක නිලධාරීන් 500 දෙනෙකු රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ධර්මසිරි මහතා පැවසීය.

මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ට පමණ නිකුත් කිරිමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා තම සංවිධානයේ නිරීක්ෂක කන්ඩායම් යොදවා ඇතැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

 



අදහස් (0)

ඇල්පිටිය පුංචි ඡන්දය දැන් පැවැත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site