
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාශ 15 ක බලය හිමිකරගෙන ඇති අතර කොට්ඨාශ 2 ක බලය සමගි ජනබලවේගය විසින් හිමිකරගෙන ඇතැයි ගාල්ල තේරිභාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 28ක් වුවත් මෙවර ප්‍රතිඵල අනුව සභිකයන් 30 ක් තේරීපත්ව ඇති බවද සහකාර මැතිවරණ කොමසාරීස්වරයා පැවසීය.
ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.එම පක්ෂයෙන් තේරී පත්ව ඇති අනෙක් සභිකයන් 14 දෙනාම නවකයෝ වෙති.
සමගි ජනබලවේගය දිනාගෙන ඇත්තේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාශ දෙකය.එම සභිකයන් දෙදෙනාද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් දෙදෙනෙකි.
සමස්ත ජන්ද ප්‍රතිඵලය මෙසේය.
ජාතික ජනබලවේගය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව 17295යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව 15යි.
සමගිජනබලවේගය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව7924යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව06 යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව3597යි. මන්ත්‍රි ධූර සංඛ්‍යාව03 යි.
පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව2612යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව02යි.
ස්වාධීන කණ්ඩායම ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව2568යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව02යි.
පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව1350යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව01යි.
ජාතික ජනතා පක්ෂය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව521යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව01යි.
දෙවන පරපුර ලබාගත් ජන්ද සංඛ්‍යාව 388යි.ජනසෙත පෙරමුණ ලබාගත් ජන්ද සංඛ්‍යාව 50යි එම පක්ෂ දෙක සඳහා මන්ත්‍රීධූර කිසිවක් හිමිවී නැත.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 කි.
සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර සමානුපාතික ක්‍රමය යටතේ සභිකයන් 13දෙනෙකු තෝරාගෙන ඇති අතර ඒ අනුව මෙවර සභිකයන් 30 දෙනෙකු තේරීපත්වූ බව ගාල්ල මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්පිටිය ආසන බෙදුනේ මෙසෙයි
පැරකුම් Sunday, 27 October 2024 08:09 AM
සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඇති අසමානුපාතික බවට මෙය හොද නිදසුනකි. හැකි ඉක්මණින් මේ අමන ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට කාලය පැමිණ ඇත.
Range Sunday, 27 October 2024 08:24 AM
මේ ප්‍රතිඵලය සහ ආසන බෙදීම දැක්කම පිස්සු හැදෙනවා. මුළු ආසන ගණන 28යි නමුත් 30 දෙනෙක් පත් වෙලා. වැඩිපුර දෙන්නෙක්ට වැටුප් සහ පහසුකම් දෙන්න වෙනවා. ඊලඟට බැලුවාම කොට්ඨාශ 17ට සභිකයන් 30ක්. මනාප ක්‍රමය නොවෙන්න පරණ කොට්ඨාශ ක්‍රමය වුණානම් ඔක්කොම සභිකයන් ගාන 17යි නේද. දැන් තව වැඩිපුර 13ක් රජයේ මුදලින් නඩත්තු කරන්න ඕන. ඊටත් වඩා විහිළුව තමයි කොට්ඨාශ 17න් 15ක්ම දිනපු මාලිමාව සඳහා පත්වන්නේත් සභිකයන් 15යි. ඉතිරි ආසන ටික එකතු කරාමත් 15යි. 50:50 මිසක් බහුතර ආසන ගානක් නෑ. ඉතින් කරුමෙට වත් ඔය විපක්ෂ ඉන්න 15ම එකතුවෙලා සන්ධානයක් හැදුවොත් කවුද ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වෙන්නේ.
C.K.Lankaputhra Sunday, 27 October 2024 11:59 AM
මේක තමයි ඉදිරි පාර්ලිමේන්තු ඡන්දයේදී ලැබෙන ප්‍රතිඵලයේ අනුපාතය.