
( කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) සවස හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී පැවසීය
හෝමාගම පිටිපන ප්‍රදේශයේ රට බීම අලෙවි හලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පල කරමින් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය කැබිනට් මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මහා සංඝරත්නය හෝමාගම පිටිපන අවුකන පිළිමය අසලදී සත්‍යයක් ක්‍රියාවක අද (17) දින සවස නිරත වීමෙන් පසු ජනතාව දැනුවත් කරමින් එලෙස පැවසීය.
දීර්ඝ කාලයක සිට හෝමාගම නගරය ආශ්‍රිතව රට බීම හල් ආරම්භ කිරීමට මෙතෙක් කිසිවෙකු අවස්ථාව ලබා නොදී ඇති බැවින් හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බැවින් එම නිළදාරීන් ට එරෙහිව පියවර ගත යුතු බවද මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

COMMENTS
නෑ ?දැන් ඒක නිසා චන්දෙ දෙන්නද කියන්නේ ?
ෂුවර් එකට මූට ගාණක් ලැබෙන්නෙ නැතුව ඇති. මූ හිතන් ඉන්නවා ඇත්තේ බාර් ලයිසන් දෙන්න පුලුවන් මන්ත්‍රීලාට විතරයි කියලා.
මොන බොරුද මෙයාගේ .ඔය හෝමාගම සුපිරි වෙළදසැල් වල හොදට රට බීම විකුනන්නේ ඒවටත් විරුද්ද වෙන්න එපාය .ෂුවර් එකට තරහ කාරයෙක්ගේ එකක් වෙන්න ඇති
චන්දෙන් පස්සෙ ඔය රටබීම හල නොදැම්මොත් මගේ පිරිමි අවයව කපාගන්නවා මම.
වැඩක් නෑ බොස්. ඕව යල් පැන ගිය ජෝක්. ඕක දුන්නෙ තමුන්ගෙම ආණ්ඩුවෙන්නෙ. ජේවීපී එකෙන් නෙමේනෙ.
වහාම ඉල්ලා අස්වෙන්න, ඒක තමයි මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය.
ලගදිම ඡන්දේ තියනවා නේ
කීපාරක් බඩ කපා ගත්තා ද?
දැන් අවසාන කාලේ බොරුවට සිංහ හම් පොරවගන්න ලෑස්තිවෙන්න එපා.ඇමතිකමයි, මන්ත්‍රී කමයි තව ටික දවසකින් කොහොමත් ජනතාව......
මතක ඇති කාලෙක ඉඳලා හැම ආණ්ඩුවකම නියෝජ්‍ය හෝ අමාත්‍ය ධුරයක් දරපු ඔයා මේ හෝමාගම ජනතාව වෙනුවෙන් මෙතරම් ආදරයක්???ඇස්වහක් නං වදින්න එපා ඒ ආදරයට....අනේ නිකන් යන්න ලොක්කා ඡන්දෙට නටන නාඩගම්
හෝමාගම ආසනය තුළ තැබෑරුම් නැත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති, ගාමිණී ජයසූරිය මහතා තම ආසනය තුළ බාර් බලපත්‍ර ලබා නොදීම නිසායි. ඒ නිසා තමයි ඒ කාලේ හෝමාගම ආසනයේ මායිමට පිටින් මොරකැටියේ සහ හල්පිට බාර් ඇති වුනේ.
මෙයා දන්නවා කොහොමත් තව මාස 3 යි කියලා. ඡන්ද බලාගෙන බොරු රංගනයක් දානවා.
මෙයා කීපාරක් ඔය විදියට කිව්වාදඝ ලැජ්ජයි
ඔන්න හොඳ ආදර්ශයක්. බලමු අනෙක් පළාත්වල මන්ත්‍රීවරුන්ටග් ක්‍රියාකලාපය...
අපටත් අහන්න ලැබිලා තියෙන විධියට නම් හෝමාගම ප්‍රාදේශීය ලේකම් අන්තනෝමතිකව කටයුතු කරන කෙනෙක් තමයි ඒත් ඔහු කටයුතු කරන්නේ උපදෙස් මත පමණයි කියලා මතයකුත් තියෙනවා මොහු හදන්නෙ ඊළඟ වතාවේ පරාජය වසාගැනීමට උපක්‍රමයක් වෙන්න බැරිකමක් නැහැ ප්‍රාදේශීය ලේකම්ට පමණක් රට බීම හලක් සදහා අවසර දෙන්න බැහැ
දැන්නම් හරි ආදරෙන් අකුරට වැඩකනබව පෙන්වනවා ඡන්දය ගන්න ඕන නිසා. බලය ගත්තට පස්සෙ. ඒ මිනිහම තමයි නැවත එම ස්තානයේම අරින්නේ. මුන්ගේ. බොරු සෙවල ඇපේට තියන්න ඔය ඇමැතිකම් බල්ලට දීපල්ලා. රටේ වෙන්නෙම අසාධාරණකම්. මුන්ට මේක විතරද පෙන්නෙ. සමහරවිට ඒ මනුස්සයා. වෙන පක්ෂයක කෙනෙක් වෙන්න ඕන. කන්ජිපානිගේ ගෝලයෙක් නම් මේ පොල් බෑමුනා යයිද අත දාන්න. එහෙම වුනානම්. තුන නැතිව තමයි. ගෙදර යන්න වෙන්නෙ
ආර්පිකෝ සහ කාගිල්ස් ෆුට් සිටි දෙකමත් තියන බව අමතක කරන්න එපා
මේ රට පාලනය කල පාලකයින් තමන්ට හිතෙන හිතෙන පරිදි මේ රට පාලනය කලා මිස සැලැස්මක් දැක්මක් ඇතිව ඉලක්ක සහගතව අවංක දේශපාලනයක් කලේ නැති ඒ නිසා අප රටට අත්ව ඇති ඉරණම ඉතා ඛේද නීයවී ඇත.මෙපමණ සම්පත් පිරුණු මනරම් දේශය අද අවපාලනය නිසා අභිමානය කෙලසා ගත් ජාතියක් බවට මේ මජර වංචාකාරී හොර දේශපාලුවන් පත්කර ඇත. අද ජනතාව දුප්පත් කමේ පතුලේය.ව්‍යාපාරිකයන් දැඩි අවිනිෂ්චිතව කටයුතු කරයි.බොහෝ ව්‍යාපාර වැසී ගොසින් හොර, මත්වතුර කුඩු අයිස් සමස්ථ සමාජයම වෙලාගෙන ඇත.පාතාලය ජීවිත අනාරක්ෂිත කර ඇත. නැවත රටේ පාලකයන් අස්වැසුම ,දරුවන්ට ශිෂ්‍යත්ව මගින් නැවතත් ජනතාව අන්දවමින් තම බලය රැකගැනීමේ අසාර්ථක වෑයමක සිටියි.රටම ණය කන්දක සිරකර අනාගත දරුවාද ණයගැතිභාවයට පත්කර ඇත. මෙම ශාපයෙන් රට මිදීමට නම් ජනතාව බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි.අවංක අදූෂිත වැඩපිළිවෙළක් සහිත දේශපාලන ව්‍යාපාරයකට මේ රට බාරදී මහන්සිවී වැඩකල යුතුයි. අද අපේ රටේ අනාගතය මේ වංක දේශපාලුවන් උගසට තබා ඈත.එය නිදහස් කර ගැනීමට මහන්සිවී වැඩ කළ යුතුයි.
හොද උත්සාහයක් ! අලෙවිය උපරිම. 80ව දශකයේ ඉදන්ම එක්කෝ මන්ත්‍රී නැතිනම් ඇමති. ආණ්ඩු කීයක පක්ෂ කීයක හිටියද කියල දන්නේ එතුමාම තමයි. රට බංකොලොත් කරපු ආණ්ඩුවේත් හිටිය නොවැ! අලෙවිකරණ විදි එක වෙනස් කළාට මේ පාර අමාරුයි!
මෙයා බබා. බාර් එක දානකන් දන්නෑ. බොරුවට ජනතා ප්‍රසාදය ලබා ගැනීමට රඟපානවා. ඉදිරියේ දී මන්ත්‍රීධූර ඇමතිධූර හම්බවෙන්නැති බව දන්නවා. ඒ හින්දා ඒව වටින්නෙ නෑ.
බීම හල් අයින්කරන්න කියන්නේ කසිප්පු මුදලාලිට පක්‍ෂ කට්ටිය. බීම හල් තිබුන පලියට මිනිස්සු බොන්න ඕනද? ඔය කෑගහන චීවරධාරීන් දෙසන බණ අහනවනම් මිනිස්සු බීම සහ අනිකුත් පාප ක්‍රියා නවත්තන්න ඕන නේද?
කොහොමත් ඉතින් තව ටික කාලෙකින් ඇමැති කමත් නැති වෙයි
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්.!!! මේ හාදයා නිතරම අරන් යන ජේම්ස් බොන්ඩ් බෑග් එක ඇරලා බලන්න. නිතරම විස්කි හෝ බ්‍රැන්ඩි බෝතලයක් තියෙනවා. බන්ධුල මම කියන්නේ බොරුද ? තමුසේ අහවළාව බලන්න ආපුදවසක ඒ බෑග් එක ඇරලා බ්‍රැන්ඩි බෝතලය මෙසේ උඩින් තියද්දි මමත් එතන.හැබැයි මම බිව්වේ නැහැ.මම කවුද ?
හෝමාගම ආසනයේ බාර් ඇත්තෙම නැද්ද ? එහෙම දැනට එක බාර් එකක්වත් නැත්නම් මේ බාර් විරෝධය හරි.නිකම් මිනිස්සුන්ට පෙන්න අමද්‍යපයි කියල පෙන්වන බොරු රගපෑම්. ඕවට රැවටුන කාලය ඉවරයි.