IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇඳිරිනීතියේදී බූරු ගැසූ කාන්තාවන් 7 ක් අත්අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත )

අම්බලන්ගොඩ තල්ගස්ගොඩ රතු කුරුස සුනාමි නිවාස සංකීර්ණයේ  කාන්තාවන් දසදෙනෙකු පවත්වාගෙන ගිය බූරුවා සුදු පොළක් අද (30 ) දහවල් වටලා 7 දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .

මේ බූරුවා සුදුපොළ වටලන අවස්ථාවේදී කාන්තාවන් තිදෙනෙකු පලා ගිය බවද පොලීසිය කියයි.
 

සිය සැමියන් කුලී වැඩට ගොස් සිටියදී මේ කාන්තාවන් පිරිස සැම දිනකම පාහේ සූදු කෙලියේ යෙදෙන බවට ලැබුනු තොරතුරකට අනුව කරන ලද වැටලීමේදී ඔවුන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
 

මේ සැකකාරියන් හත්දෙනාම අද (30)පස්වරුවේදි පොලිස් ඇප මත මුදාහැර ඉන් අනතුරුව අධිකරනයේ වැඩ යලි ආරම්භ කරන දිනයකදි ඔවුන් අධිකරනයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.
 

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්සක ජනක ගුනසේකර.අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර පුෂ්පකුමාර,උප පොලිස් පරික්ෂක හේරත් යන නිලධාරිහු මේ පිලිබදව පරීක්ෂණ පවත්වති.
 



අදහස් (1)

ඇඳිරිනීතියේදී බූරු ගැසූ කාන්තාවන් 7 ක් අත්අඩංගුවට

ධම්ම Thursday, 30 April 2020 02:44 PM

මේ දහදෙනාට එන්ජීඕ එකක් පිහිටුවා ගත්තා නම් මෙය මානව අයිතිවාසිකමක් ලෙස පවත්වාගෙන යන්න තිබුනා.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site