IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ

(මනෝප්‍රිය ගුණසේකර)

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්  අල්ලස් වශයෙන් ගත් මුදල් ඉල්ලා සිටියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නිලධාරීයකු එම මුදල් සපා කා විනාශ කිරීමට උත්සහ කර ඇතැයිද වාර්තාවේ.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයාට අමතරව මෙලෙස අතත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයේම රාජකාරි කළ බව කියන සංවර්ධන නිලධාරියකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ සේවය කරමින් සිට වැඩ තහනමට ලක්වු පුද්ගයෙකි.

බස් රථයක පොතක් වෙනස් කරවා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණි බස්රථයේ හිමිකරුගෙන් බස් රථයේ පොත ඉක්මනින්ම වෙනස් කරවාදීම සඳහා එම කාර්යාලයේ රාජකාරි කළ පුද්ගලයකු අල්ලස් ඉල්ලා ඇති බවත් ඒ අනුව අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.

 



අදහස් (4)

ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ

විපරමා Friday, 04 October 2024 09:48 PM

ආර්.එම්.වී. කියන්නේ සෑහෙන්න දූෂණ සිද්ද වෙන ආයතනයක්..

:       0       0

Ruwan Friday, 04 October 2024 11:13 PM

ලොකුම හොර ගුහාවක් ඕක. නාරම්මල මැටියගනේ රන්දි මෝටර්ස් එකෙන් හොරෙන් ගෙනැල්ලා අහුවෙච්ච මිනීමයිනර් කාර් එකේ නඩුව ඕකුන් ඔක්කොම එකතු වෙලා යට ගැහුවා. හැබැයි බේරෙන්න හම්බ වෙන්නේ නම් නෑ.. ඔවුන්ට මේ පාර නම්.... ඕකට යන පාරෙ ඉඳන් හොරු ඉන්නේ...! 

:       0       0

Hemakumara Saturday, 05 October 2024 05:43 AM

1999 වර්ෂයේ සංවර්ධන නිළධාරි බදවා ගැනීමේ සිට මෙතෙක් හරියට සංවර්ධනය කලානම් මේ රට සුරපුරක් වෙන්න තිබුණා ඒ ඔය සංවර්ධන කට්ටියම කලේ කළමනාකරණ නිළධාරින් කළ යුතු රාජකාරි වලට අමතරව ඔය කලා කියපු වැඩ පමණයි ඇත්තෙන්ම වැඩිපඩි අඩු වැඩ කරන සංවර්ධන නිළධාරින් ලක්ෂ ගණනක් සිටිද්දී තනතුරු නාමයට කටයුතු කලා නම් අවුරුදු 25 කදි රට අනෙක් පැත්ත හරවන්න තිබුනේ නැද්ද ඔක්කොම වැඩ පාර්ලිමේන්තුවේ 225 ට හා ජනාධිපතිට කරන්න බැහැනේ

:       0       0

විපරමා Saturday, 05 October 2024 12:34 PM

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ දූෂිතයෝ රජ කරන තැනක්.. පගාවක් නොදී කිසිම වැඩක් කරගන්න බැරි තරම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site