
(මනෝප්‍රිය ගුණසේකර)
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණයට පෙර යතුරුපැදියක් පැද පුහුණුවීමේ චෝදනාව යටතේ පුද්ගලයකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයාට කිසිවකුගේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට කිසිදු ආකාරයක බලයක් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තිබියදී අදාළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රධාන පරීක්ෂකවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයිද තීන්දු කළේය.
රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා මෙන්ම රියදුරු පාසල් හිමිකරුවකු වන සුනිල් ජයන්ත මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එලෙස තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
කඩුවෙල කොතලාවල පදංචි රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සුනිල් ජයන්ත මහතා ගොනු කර තිබු පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ෝටර් රථ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන පරීක්ෂක ඒ.වයි.ඒ. අබේවර්ධන, නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් සි.එච්.ආර්. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සිව්දෙනකූ නම් කර තිබිණී.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
315
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා
CHINTHANA Thursday, 05 September 2024 10:41 AM
තමන්ගේ රාජකාරිය මොකද්ද කියලා නොදන්නා පරීක්ෂකයා සේවයෙන් පහ කර ඔහුගේ බුද්ධි මට්ටමට ගැලපෙන වෙනත් රස්සාවක් දිය යුතුයි .කාර්යාල කාර්ය සහයක තනතුර සුදුසුයි