IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආරවුල මරණයෙන් කෙළවර වෙයි

(ගයාන් සූරිය ආරච්චි)

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ආර්.ජී. පුෂ්පදේව (68) නැමැත්තකු බව පොලිසිය පවසයි.

මරණ කරු සහ සැකකරුවන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්වීමකට සහභාගි වී නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මත්පැන් පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී මරණකරු සහ සැකකරුවන් අතර ඇති වූ ආරවුලක් මත පේර කනත්ත බස් නැවතුම්පොළ අසලදී  සැකකරුවන් විසින් මරණ කරුට මොට යුධයකින් පහරදී  ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 36 වයස්වල පසුවන විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.‍ෙ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 



අදහස් (0)

ආරවුල මරණයෙන් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site