IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආරක්ෂක ලේකම්ගේ නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

පෞද්ගලික ආරක්ෂාව සඳහා මිලදීගෙන ඇති තම ගිනි අවි භාරදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා කර ඇති නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායක ‘ඇවේන්රා’ සමූහ ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය  නියෝග කළේය.

ව්‍යාපාරිකයකු වන තමන්ට මැර තර්ජන ඇතැයිද රජයේ තීරණය සම්බන්ධයෙන් තමන් සහ පුත්‍රයන් දෙදෙනා ඇපෑලක් ඉදිරිපත් කළත් ඉන් පලක් නොවුණු බව පෙන්වා දෙමින් රජයේ තීරණය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන එල්ල විය හැකි බවද පවසමින් ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සම කැඳවු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි. ව්‍යවසායක ‘ඇවේන්රා’ සමූහ ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ද සිල්වා මහතා ගොනු කරර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ලේකම් වයිස් මාර්ෂල් සම්පත් තුහියකොන්තා මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මඟින් පෙත්සම ඉදිරිපත් කරන දිනේෂ් ද සිල්වා මහතා පසුගිය අරගල සමයේදී තමන්ට අයත් මිගමුව හෝටලයට ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට විශාල අලාභ හානි සිදු වු බවත් තමන් සන්තකගේ තිබූ රිවොල්වරයක් සහ රිපීටර් තුවක්කු තුනක්ද අස්ථානගත වු බවත් සඳහන් කර ඇත.

තත්ත්වය එසේ තිබියදී පුද්ගලයන් සතු සියලුම අවි ආයුධ යළි භාරදෙන ලෙස නියෝග කරමින් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා ආරක්ෂක ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ව්‍යාපාරිකයකු වශයෙන් තමන්ට මැර තර්ජන ඇති බැවින් කෝටි ගණනක මුදල් වියදම් කර බලපත්‍ර සහිත ගිනිඅවි ලබාගත් බවත් ඊට අදාළ බදු මුදල් රජයට ගෙවන බවත් සඳහන් කර ඇත.

 



අදහස් (0)

ආරක්ෂක ලේකම්ගේ නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site