(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නව සිය අසූ හය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම සභාවේ ලියාපදිංචි සියලුම වෛද්‍යවරුන් වර්ෂ පහකට වරක් ලියාපදිංචිය යාවත්කාලීන කළයුතු වුවත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද ඒ කාර්යාලය සඳහන් කරයි.
මේ අතර සුදුසුකම් ලද අයදුම්කරුවන් සංඛ්‍යාව 295 ක් ලෙස හඳුනා ගෙන තිබියදී 2016-2020 අතර කාලයේදි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 367 දෙනකු වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර තිබූ බව විගණන අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ වෘත්තීය විසමාචාර සම්බන්ධයෙන් සහ ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි තැනැත්තන් සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සභාවට පැමිණිලි 220කින් පැමිණිලි 124ක විමර්ශන පසුගිය වසරේ මාර්තු 15 වැනිදා වනවිටත් අවසන් කර නොතිබූ බව පවසන විගණන කාර්යාලය පසුගිය 2020 වසරේ දී ලැබී තිබූ පැමිණිලි 28කින් වැඩිදුර පරීක්ෂාව සඳහා පොලිසියට යොමු කර තිබුණු පැමිණිලි එකොළහක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පසු විපරම් කර නොතිබූ බවද ප්‍රකාශ කරයි.
ක්‍රියාකාරී සැළැස්මේ ඇතුලත්ව තිබුණු ක්‍රියාකාරකම් තුනක් 2020 වසරේදී ආරම්භ කිරීමට නොහැකිවී තිබුණු අතර තවත් ක්‍රියාකාරකම් තුනක භෞතික ප්‍රගතිය සියයට 50 කට වඩා අඩු වූ බව විගණන අංශ පවසයි.
ව්‍යාජ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් ආයුර්වේද වෛද්‍ය සභාව වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට යොමු කර නැතැයිද විගණන කාර්යාලයට තොරතුරු හෙළි වී ඇත.
මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාව 2018 සහ20 19 වර්ෂවලට අදාල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක්
සෙනෙවිරත්න Monday, 28 March 2022 03:55 PM
නොසැලකිල්ල සහ පාඩුව තමයි ස්ලෝගන් එක.., ඒකට පිටින් යන්න කාටවත් බැහැ.
සකල ගුරු Monday, 28 March 2022 04:36 PM
කෝවිඩ් සඳහා ඔවුන්ට ප්‍රතිකාර කරන්න නොදෙනකොට අනෙක් ඒවාත් එහෙම තමයි ඉතින් ලියාපදිංචි කරන්නේ... ආණ්ඩුවට ආදායම් ගෙවීමටද? දැන් බලන්න අප්‍රේල් පළමුවැනිදා සිට ඔක්කෝමලා කාඩ්පත ගෙනයන්න නීතියක් තියෙනවා... දේශීය වෙදතුමන්ලා, තුමියන්ලා එන්නත් නොගෙන ඇති... මොකද ඔවුන්ට ඔවුන්ගේ වෙදකම විශ්වාස නිසා... එහෙම කුඩම්මාගේ සැලකීමක් තියෙද්දී ලියාපදිංචි කරලා කේජු කන්නද?