IMG-LOGO

ආයුර්වේද රෝහලට උපකරණ පරිත්‍යග කරයි

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ‘කොවිඩ්’ අතරමැදි ප්‍රතිකාර මාධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක බොරැල්ල ජාතික ආයුර්වේද ශික්‍ෂණ රෝහලට රුපියල් ලක්‍ෂ ගණණක් වටිනා වානේ ඇදන් ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

එම උපකරණ තොගයට වානේ ඇදන්, මෙට්‍රස්, කබඩ්, ඇද ඇතිරිලි සහ කොට්ට 20 බැගින් ඇතුළත් වේ.

අවශ්‍ය උපකරණ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාට ප්‍රධානය කිරීම සිදුවූයේ, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්.ඩි. සොයිසා මහතාගේ උපදෙස් පරිදි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මේජර් ජනරාල් ජගත් විජේසිරි මහතාගේ මැදිහත් වීමෙනි.

ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ කාර්යාලීය කාර්ය මණ්ඩල සාමාන්‍යාධිකාරී ඉන්ජිනේරු ශ්‍රීමති සේනාධීර මහතා, කළමණාකරු  ආරක්ෂක සේවා කපිතාන් අර්ජුන සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතාගේ පූර්ණ ආශිර්වාදය යටතේ සිදුවුණු මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ලේඛනාධිකාරී, විභාග අංශය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය වසන්. දේශප්‍රිය මහතා විසිනි.

මෙම අවස්ථාවට, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක යටමලගල සුමසාර හිමියෝ ද සහ සම්බන්ධීකරණ ලේකම් ඒ.ඩී. සංජය සුජීව මහතා ද  රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.ජේ.බී. හේරත් මහතා ද එක් ව සිටියහ.

 



අදහස් (0)

ආයුර්වේද රෝහලට උපකරණ පරිත්‍යග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site