IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.

අධිකරණයට අපහාස කළ බවට හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරීවරයා විසින් විවෘත අධිකරණයේදී ඔහුට බාරදී කියවා දීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියම කළේය.

නීතීයේ උත්තරීතරම ආයතනය දුන් නියෝගයක් ක්‍රිියාත්මක නොකරන්නේ නම් ඒ පිළිබඳ නිහඬව සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැති බව පෙන්වා දෙමින් නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නඩු විභාගය ලබන වසරේ ජනවාරී 22 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ  සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.



අදහස් (2)

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්

දේසප්‍රේමියා Wednesday, 25 September 2024 05:16 PM

ආගමන ,විගමන කියන්නේ හොර ගුහාවක්. දූෂිතයෝ රජ කරන තැනක් කියලා දන්නෝ හොන්දාකාරවම දනිති...

:       0       0

Manjula Wednesday, 25 September 2024 05:23 PM

නියම තීරණයක්...

:       16       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site