
(අංජුල මහික වීරරත්න)
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
ආඩම්බරකාර බාප්පා Thursday, 10 October 2024 08:52 PM
නාස්තියට තිත. මෝඩ චූන්වලට තිත. රජ පිස්සුවට තිත..
Sam Thursday, 10 October 2024 08:53 PM
ඉතාම හොඳ තීරණයක්.. තවදුරටත් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ අතින් වියදම් කරපු විදිහට සෝබන දාන්න වැඩකරපු අයට හොඳ පාඩමක්...
Shantha Friday, 11 October 2024 03:50 AM
ඒක හොඳයි. දැන් කට්ටියට මඩගහන්න ජනාධිපති සහෝදරයාගේ පින්තූර පාවිච්චි කරන්න බෑ. මුද්දරේට තිත..
maalaka Friday, 11 October 2024 05:36 AM
බොහොම හොඳ තීරණයක්...
manjula Friday, 11 October 2024 04:40 PM
ගොඩක් හොඳ තීරණයක්...