IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අලි ගැටළුවට විසැඳුම් ඉල්ලා ගම්වාසීහු උපවාසයකට

(සිරිපුර මදුශානි අබේසිංහ)

අරලගංවිල පිඹුරත්තෑව ඇතුළු අවට ගම්මාන රැසකට බලපා ඇති,වන අලි තර්ජනයට විසදුමක් ලබා දෙන ලෙසට බල කරමින්, පිඹුරත්තෑව අවට ගම්වාසීහු පිරිසක් අඛන්ඩ විරෝධතාවයක නිරත වෙති.

වසර ගණනාවක සිට ගම්මාන කිහිපයක් ආවරණය වන පරිදි, කිලෝමීටර් දහතුන හමාරක් පමණ දුරට ඉදිකර ඇති විදුලි වැට මේ වන විට අක්‍රීය වී ඇති අතර, ඒ හේතුවෙන් ගම්මානයට ගම් වැදී සිටින වන අලි මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට කටයුතු කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.

පොළොන්නරුව මාදුරුඔය ප්‍රධාන මාර්ගයේ පිඹුරැත්තෑව ප්‍රදේශයේ අට්ටාලයක් ඉදිකරමින් අලුත්ඔය අරලගංවිල පිඹුරත්තෑව ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල දරුවන් පිරිසක් මෙම අඛණ්ඩ විරෝධතාවයේ නිරත වී සිටිති.

ප්‍රදේශයේ පවතින අක්‍රිය විදුලි වැට විධිමත් ලෙස ඉදිකර දෙන ලෙසත්  වන අලි ගැටලුවට විසදුම් ලබාදෙන ලෙසත්,මේ වසරේ මැයි මාසේ 13 වෙනිදා විරෝධතාවයක් සිදු කිරීමෙන් අනතුරුව දින දෙකකට පසු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම ඊට අදාළ බලධාරීන් පැමිණ ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කළ ද, තවමත් වන අලි ගැටලුවට කිසිදු පිළීයමක් ගෙන නොමැති බව,මෙම අඛන්ඩ විරෝධතාවයේ නිරතවන අලි වැට කමිටු ස්වේච්ඡා සංවිධානයේ නියෝජිතයකු වන එස්.එම් මනෝජ් ප්‍රසන්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

 



අදහස් (0)

අලි ගැටළුවට විසැඳුම් ඉල්ලා ගම්වාසීහු උපවාසයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 17 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 28 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 79 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 63 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 373 3

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 221 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 710 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1220 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site