(නිමල් ජයරත්න)
දේශපාලනඥයන් ඡන්ද අපේක්ෂාවෙන් ඔවුන්ගේ ආධාරකරුවන්ට වගා කිරීමට ලබාදී අලි ගමන් කරන මාර්ගයේ, තිබෙන කුඹුරු මෙන්ම වගාවන් වහාම ඉවත් කර මාදුරුඔය ජාතික වනෝද්‍යයන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානය දක්වා දිවෙන අලි කොරිඩෝව ඉතා කඩිනමින් ඉදිකර, මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අතර අලින්ට ගමන් කීමට අවස්ථාව සලසා දෙන ලෙස ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම කන්නයේ වගාකර ඇති කුඹුරුවල වී අස්වනු නෙලීමෙන් අනතුරුව දිඹුලාගල හුංගමාල ඔය හරහා තිබූ අලි ගමන් කරන මාර්ගය ශක්තිමත් කරමින් වන අලින්ට නිදහසේ ගමන් කිරීමට එය අවස්ථාව සලසා දෙන ලෙසත් පසුගිය රජයන් විසින් දේශපාලන උවමනාව මත ලබා දී ඇති ඉඩම් මාස තුනක් ඇතුළත අවලංගු කර වන අලින්ගේ ආරක්‍ෂාවට එම වැට ශක්තිමත්ව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සියලු සහාය තම රජය විසින් ලබාදීමට කටයුතු කරන ලෙසද බවද සරත් මහතා මෙහිදී කීවේය.
යුද හමුදාව, පොලිසිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලි කොරිඩෝවේ වගා ඉවත් කරයි
Lalla Tuesday, 31 December 2024 08:15 AM
බොහෝ අලි මිනිස් ගැටුම් වලට හේතුව අලි ගෝචර බිම් මනුෂ්‍ය පරිභෝජනයට යොදාගෙන තිබීම. මේ ඉතාම සාධාරණ තීරණයක්.ඒත් ඕකට හෙන්චයියෝ අත නොදා ඉන්න එක සැකයි.