(අංජුල මහික වීරරත්න)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, පැළ සිටුවීම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශයේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර තිබිණි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට
Waleboda Monday, 03 April 2023 02:48 PM
මුන්ට පිස්සු ගෙදර ප්‍රශ්න කන්දක් .ජනපති හමුවෙන්න යනවා
චන්දිම ෆොන්සේකාWednesday, 05 April 2023 12:44 AM
හා! ගෙනාවද ඕක? එහෙනම් රෝල් කරලා පස්ස පැත්තේ ගහලම යන්නකෝ.
pradeep Monday, 03 April 2023 02:56 PM
රනිල් රාජපක්ෂටත් ඔක්කොම නාටක ටික රගන්න එපායෑ..
කරුණාජීව . Monday, 03 April 2023 04:03 PM
නැකත්පති වෙන්නේ මේ අවුරුද්දෙන් පස්සේ..
kamal Monday, 03 April 2023 04:50 PM
සාගල නෝනා නැති තැනක් නැහැනේ....
ලක්ෂ්මන් Monday, 03 April 2023 08:33 PM
නැකැත් පත්‍රය සකසන්නේ අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් කිව්වට ඒක තියෙන්නෙ කොහේද සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න මම නම් අන්තර්ජාලය හරහා සංකෘතික දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශයේ වෙබ්සයිඩ් බැලුවා හම්බවුනේ නැහැ ඇත්තටම එහි ඉන්නෙ කවුද ඔවුන් බදවා ගන්නෙ කොහොමද සුදුසුකම් මොනවාද කියන්න පුලුවන්ද මට මෙහෙම අහන්න වුනේ එවැනි සමහර අය ඔවුන් ලියා පලකරන පොත්වල දක්වා තියෙනවා අවුරුදු නැකැත් කමිටුවේ සාමාජික කියලා දුරකථන අංක හා ලිපිනයන් තියෙනවා පුදුමෙ කියන්නෙ ඒ ලිපින දන්න කිසිවෙක් අදාල ප්‍රදේශයේ නැහැ දුරකථන ක්‍රියාත්මකත් නැහැ
anuaranga Monday, 03 April 2023 09:57 PM
මුන්ට පිස්සු, මිනිස්සුන්ට යන එනමක් නැහැ. අවුරුදු කන්න තියා එදා වේල කන්නෙත් හරි අමාරුවෙන්. මේ යක්කුන්ටනම් මහින්දය හොරකම් කරපු සල්ලි වලින් බාගයක් දීල ඇතිනෙ,පේන්නෙ නැතිද ඉන්න ලස්සන , කිසිම අඩුපාඩුවක් තියනවද?
ලුම්බිණි Tuesday, 04 April 2023 06:09 AM
ඒකටත් රතු පලස්. මුන්ට නම් ඇත්තටම පිස්සු.
swene Tuesday, 04 April 2023 07:08 AM
තදින්ම රනිල් සහ යහ පාලනය විවේචනය කල විදුර දැන් ඒකෙම ඇලිලා. ලජ්ජාව නැති පුද්ගලයින්ගේ නායකත්වය රටට හෙනයක්.
sunil Tuesday, 04 April 2023 09:38 AM
රටම කුසගින්නෙ මැරෙද්දිත් මුං අවුරුදු කන්න දගලනව. හොර හැත්තම එලව දැමිය යුතුයි.
චන්දිම ෆොන්සේකා Wednesday, 05 April 2023 12:58 PM
කට්ටියට අඬබෙර ගහලා කස්තිරම් අල්ලලා ජය සක් පිඹලා එහෙම ඕක රෝල් කරලා ලොක්කගේ පස්ස පැත්තේ ගහලාම යන්න කියන්න.