IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)

වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බීට්ටු වන නිලධාරියෙකු සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.

අම්පාර වන සංරක්ෂණ කලාපයට අයත් සමන්ගල රක්ෂිතය තුල වැලි ගොඩ දැමීම සහ ගවගාලක් පවත්ගෙනයාම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා, එම මුදල් ලබා ගත් බව  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් පෙරේදා (18)  සවස අත්අඩංගුවට ගත් බව අධිකරණයේ දි කියැවිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමක දී, පැමිණිලිකරුට අයත් ව්‍යාපාරික ස්ථානයක් අසල දී, සමන්ගල රක්ෂිතයේ ගවගාලක් පවත්වාගෙන යාම සහ වැලි ගොඩ දැමීම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් සැකකරුවන් දෙදෙනා අල්ලස් ලෙස මුදල් ලබා ගනිමින් සිටීය දී අත්අඩංගුවටගත් බවත් , පළමු සැකකරුවන බීට්ටු වන නිලධාරියා සන්තකයේ තිබී එම මුදල්වලින් රුපියල් 40,000 ක් ද, වන ක්ෂේත්‍ර සහකාරවරයා සන්තකයේ රුපියල් 60,000 ක මුදලක්, සොයා ගත්බවත්, සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

 



අදහස් (0)

අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 6 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 20 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 76 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 62 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 365 2

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 215 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 710 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1220 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site