IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

මීගමුව දළුපොත සිර කඳවුර පාර පදිංචි පුද්ගලයකුට අයත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකු විසින් කුලී පදනම මත ලබාගෙන අස්ථානගත කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් සහ එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එම කාර් රථය අධිකරණයෙන් මුදා ගැනීමට පැමිණිල්ලිකරුගෙන් මෙම සැකකාර නිලධාරියා විසින් රුපියල් 270.000/= ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් ඉල්ලා ඇති අතර එම යන්ත්‍රයට අදාළ මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ඊට අදාළ රිසිට් පතර මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේදී සැකකාර නිලධාරියා වෙත ලබාදීමේදී එහි රැක සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු

Bunny Preena Saturday, 30 November 2024 09:20 AM

මේ වගේ අය කවදා හැදෙයිද දන්නේ නෑ. මේවා නවත්වන්නට තියෙන හොඳම ක්‍රමය තමයි මොවුන්ගේ ගැහැණු සහ දරුවන්ව ප්‍රසිද්ධියේ සමච්චලයට සහ ලැජ්ජාවට පත්කරන එක... ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් තියෙනවා නම් මේවා නවතීවි. හේතුව අල්ලස් ගන්න බලකරන සමහර බිරින්දෑවරු සහ දරුවන්ද සිටින බව අප මතක තබාගත යුතුයි.

:       3       8

Lalla Sunday, 01 December 2024 08:55 AM

මහ එකාගේ වැරැදිවලට ගෑනියි, දරුවොයි වැරදිකරු නම් හොරුන්ට රජකම දුන්නාට මෙතෙක් කල් ආණ්ඩු බලයට පත්කරනු රටේ ඔක්කෝටම අපහාස කරන්න ඕනෑ... කැකිල්ලේ රජාත් මේ වගේ පොරක් වෙන්න ඇතිද..?

:       0       0

negombo Saturday, 30 November 2024 12:52 PM

මීගමුව ඉස්පිරිතාලේ ඉන්න පොලිසියේ කෙනත් මිනියක් නිදහස් කරන්න එයාට කන්න දෙන්න ඕනේ... සක්කිලි වැඩ තමයි කරන්නේ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site