
(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිඥ එම්.ආර්.වයි.කේ උඩවෙල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය.
ඇය එම තනතුරේ අද (10) වැඩ බාරගත්තාය.
උඩවෙල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ( නීති අංශය) ලෙස මීට පෙර කටයුතු කළාය.
උඩවෙල මහත්මිය සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන බිරිඳය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ කනිෂ්ක විජේරත්න මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම තනතුරින් පසුගිය 7 වැනිදා ඉල්ලා අස්විය.
ඔහු මෙසේ තනතුරින් ඉල්ලා අස්වූයේ විජේරත්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදනියක සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කරනු ලැබ තිබියදීය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
maalaka Friday, 11 October 2024 05:35 AM
අපක්ෂපාතීව, තනතුරේ ගෞරවය රැකගැනීම ඔබගේ වගකීමයි. සුබපැතුම්...!
Kazi Shajahan Friday, 11 October 2024 07:32 AM
අනුරගේ කැබ් එකේ පිරෙන්න පහුගිය කාලේ හොරකම් කළ ෆයිල් තියෙනවා. දැන් ඉතින් වැඩේ පටන් ගන්න. ඔය කැබ් එකේ තියන ෆයිල් හිස්වෙලා. හොරු ඔක්කොම ජේල් එකට යවන්න ඕනෑ.... ඔබතුමිය...
sam Friday, 11 October 2024 07:50 AM
ජොලි සීයලාගේ ,සුනාමියලාගේ ගජ මිතුරු විජේරත්න ගිය එක කොච්චර හොඳද .මෙයා කොච්චර කේස් යටිමඩි ගහලා තියෙන්න ඇත්ද .බයේ යන්න ඇත්තේ