IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට

( ප්‍රියානි  මංගලිකා )

කොටවෙහෙර , ගිරිල්ල  පොලිස්  වසමේ  නාවානේදී සිදු වූ වල්අලි ප්‍රහාරයකින්  75  වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව ගිරිල්ල පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවාන ,සිරිසෙතගම ලිපිනයේ පදිංචි  තිදරු පියෙකු හා  වරාය විශ්‍රාමික  නිලධාරීයෙකු වන  තිලකරත්න වනිගසිංහ (75)  නැමති  අයෙකි.

වල්අලි ප්‍රහාරයෙන් බරපතල අනතුරකට ලක්ව  සිටි  මෙම පුද්ගලයා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත්  කර  ,දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .

තම ඉඩමේ ඉදිරිපස ගේට්ටුව වැසීමට පැමිණි අවස්ථාවේ ,  අසල    මාර්ගයේ  රැඳී සිටි තනි අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.



අදහස් (0)

අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1498 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1653 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 436 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site