IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුත් ජනපතිට IMF සහය

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

අනෙකුත් ගිවිසුම්වලට සමාන කොන්දේසි යටතේ මෙම ගිවිසුමටද එළැඹ ඇති බවට ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව ලබාදෙන තහවුරු කිරීමට යටත්ව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් අතර ප්‍රතිපත්තිමය ගිවිසුමක් ඇති කරගත් බවට කළ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ප්‍රායෝගික වූ වහාම නව පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනයට පසුගිය ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවූ අතර මේ වනවිට අවුරුදු 4 ක කාලයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලින් වාරික දෙකක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 660 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී අවසන්ය. 



අදහස් (4)

අලුත් ජනපතිට IMF සහය

Nish Tuesday, 24 September 2024 02:50 PM

මම නං හිතුවෙම බැනලා එලවාගනී කියලා. ඔයාට නෙවේ අපි සහයෝගය දෙන්නේ ඉස්සර හිටපු ඉංග්‍රීසි පුළුවන්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන එක්කෙනාට විතරයි කියලා දන්වයි කියල.

:       11       75

Prabha Tuesday, 24 September 2024 03:27 PM

දුන්න ණය ආපහු ගන්න නම් රණ්ඩු වෙලා බෑ කියලා කවුරුත් දන්නවා

:       16       34

Kamal Koyrala Tuesday, 24 September 2024 03:49 PM

අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නෑ කියපු අයගේ දැන් අදහස් දක්වන්නේ නම් හොඳයි

:       7       51

සහයෝගයTuesday, 24 September 2024 05:14 PM

කමල් කෝරලා සහයෝගය ලැබෙනවා හැබැයි රනිල් කරපු විදියටම කරගෙන යන්න කියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site