IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයි

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත.

තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත්,ඉන් පිටස්තර ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් අතර හමුව ජනාධිපති මන්දිරයේදී අද (16)රාත්‍රියේ පැවැත්විණි .

ඇතිව තිබෙන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

තමන්ට ඇමතිධූර අනවශ්‍ය බවත්, තරුණ පිරිසක් පත්කර කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වා ගෙන යන ලෙය හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇත.

 



අදහස් (10)

අලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයි

දාස Sunday, 17 April 2022 10:56 AM

රටටම අප්‍රිය වුණු අයෙකු තම පැවැත්ම සඳහා කරන අරගලයේ නිෂ්ඵල පියවරක්...!

:       6       45

නලින්ද සිල්වා Sunday, 17 April 2022 10:59 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කොමිස් ගැහිලි, වංචා, දූෂණ වලංගුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා නම් මුලින්ම හොරකම නවත්වන්න...

:       3       42

Sunil Sunday, 17 April 2022 12:28 PM

අලුත් ජෝකර්ලා ටිකක් හඳුන්වා දෙන්නයි යන්නේ... රට තවත් සුන්...

:       2       33

Jagath Sunday, 17 April 2022 12:28 PM

හිටපු මැටිමෝල්, හොර ගොබ්බයින් සෙට් එකේ කවුරුවත් එපා. අපිට ඕනෑ ආචාර්ය, මහාචාර්ය වැනි උගත් අයගෙන් සමන්විත ඒ ඒ විෂයයන් පිළිබඳ දැක්මක් ඇති විසි දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක්...

:       8       24

Shan Sunday, 17 April 2022 01:34 PM

‘ගෝඨා ගෝ හෝම්‘ කියන එක තේරෙන්නේ නෑ වගේ. මේක ‘ගෝඨාභය ගෙදර යන්න‘ කියලා කිව්වා නම් මිනිහට තේරෙයි. මොකද මෙයාලා කපුටා පරම්පරාවෙනේ...!

:       5       21

Prabha Sunday, 17 April 2022 02:24 PM

හූනා කිව්වා වගේ කියන්නම්... කා මොන ඇමැතිකම දුන්නත් ජොනියට මහාමාර්ග ඇමැතිකම...

:       0       23

වර්ණකුලසූරියSunday, 17 April 2022 05:48 PM

හරියටම හරි මිත්‍රයා. පාලකයින්ගේ ගේම ජනතාවට අවබෝධයක් නැති එකයි අපේ රටේ ගැටළුව. අද දින නම් ජනතාව යම් අවබෝධයක සිටිනවා. ඒ ගැන අපි සතුටු වෙමු.

:       0       8

saman Sunday, 17 April 2022 02:29 PM

අතීසාරයට අලුත් අමුඩයක් ඇඳ බැලීම...

:       1       20

Amal Sunday, 17 April 2022 03:52 PM

මින් ඉදිරියට තමන්ගේ බූදලේ වගේ හිතේ හැටියට විවිධ වරදාන වරප්‍රසාද, දීමනා, පරමිට් ලබාගන්න මේ කවුරුවත් සුදුසු නෑ.. මේ මෝඩ තීරණ හින්දා සල්ලි තියෙන මිනිහත් අද අමාරුවේ වැටිලා...

:       0       12

ගමේ එකාලා Sunday, 17 April 2022 04:53 PM

රටේ නායකයා ගේ විකාර වැඩ. කැබිනට් හදහදා දිගටම බලයේ ඉන්න වගේ හදන්නේ....

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 309 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 837 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site