IMG-LOGO

අරගලයේදී නැතිවූ පුරාවස්තු ගැන කියන්න බැහැ

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛනයක් නොතිබූ හෙයින් අරගලය අවස්ථාවේදී අස්ථානගතවූ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් හරිහැටි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි  බව  අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාවේ සඳහන් වේ.

මෙම විමර්ශන වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට පසුගියදා බාර දෙනු ලැබීය.

ජනාධිපති මන්දිරයේ අරගල කරුවන්ගේ අණසකට යටත් වූ අවස්ථාවේදී  එම ගොඩනැගිල්ලට සහ එහි දේපළවලට යම් යම් හානි සිදුව ඇතත් එම හානි  බොහොමයක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් යථා තත්වයට පත්කරගත  හැකි බවද  ඒ වාර්තාවේ සඳහන් වේ.

ජනපති මන්දිරයේ වැඩියෙන්ම හානිවී ඇත්තේ එහි චිත්‍ර සහ සිතුවම්වලට බවද  වාර්තාවේ දැක්වෙයි.

ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ  ඇතුළු දේපළවලට අදාළ පින්තූර  දහසකට වැඩි සංඛ්‍යාවක් මෙම වාර්තාවට ඇතුළත් කර  ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවී එම මන්දිරය අත්පත් කරගත්තේ  පසුගිය වසරේ ජුලි මස 9 වැනිදාය.

ඒ අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේ තිබූ පුරාවස්තු ඇතුළු  දේපළ රැසකට හානි සිදුවිය. එම සිද්ධියවී නොබෝ දිනකින් මෙම දේපළ හානි සම්බන්ධයෙන් පොලීසිය විසින්  විමර්ශනයක් ආරම්භ   කරනු ලැබිය.  

මන්දිරයේ  විනාශවූ පුරාවස්තු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම සඳහා පොලිසියෙන් කෙරුණු දැනුම්දීමක් අනුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉහත විමර්ශනය ආරම්භ කළේ ඉන් අනතුරුවය.

 

 



අදහස් (4)

අරගලයේදී නැතිවූ පුරාවස්තු ගැන කියන්න බැහැ

Pankumburage Saturday, 18 February 2023 10:55 AM

පුතාණෝගේ පියාණෝ ජනාධිපති මන්දිරෙන් ගියාට පසුවත් කිව්වා ගොඩක් වටිනා පුරාවස්තු අතුරුදහන් වෙලා කියලා.. දැන් ඒවාත් ඊට පස්සේ හිටපු අය කරපු දේවලුත් මේකෙම්ම වහගන්න හැකිවේවි...!

:       0       8

විපරමා Saturday, 18 February 2023 06:24 PM

ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැති කාලේ කටුගෙයි ආරක්ෂිතව තිබුණු වටිනා පුරාවස්තුවලට වෙච්චි දෙයක් නැහැ. බහිරවයෙක් ගෙනියන්න ඇති...

:       0       0

සෙනෙවිරත්න Saturday, 18 February 2023 06:27 PM

එහෙනම් එහෙම දෙයක් වුනේ නැහැයි කියලා හිතලා සද්ද නැතිව හිටපල්ලා... අලාභහානි වුණා නම් ඕකට මග පාදපු ගෝඨාභයගෙන් ඉල්ල ගන්න...

:       0       0

Bamunuarachchi Sunday, 19 February 2023 07:46 AM

ජෙප්පනට රටේ බලය ගියොත් රටට වෙන්නේ ඔය ටික තමයි. පීඩිතයින් ජනතාවගේ දේපළත් උදුරා ගනීවි. කොමියුනිස්ට් ක්‍රමය එකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site