IMG-LOGO

අපරාධ නඩු පනතට ඉදිරිපත්වූ පෙත්සම විසි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි නොවන්නේ යැයි   ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවත්  ඒ අනුව පෙත්සම්කරු  පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ යැයි  අධිකරණයට දැනුම් දී ඇති බවත් කතානායකවරයා ප්‍රකාශ කළේය

ඒ අනුව  පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට   අවසර   දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි   කථානායකවරයා  දැනුම් දුන්නේය.

 



අදහස් (0)

අපරාධ නඩු පනතට ඉදිරිපත්වූ පෙත්සම විසි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site