IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපේක්ෂකයකුගේ පෝස්ටර් ඇලවූ 5ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට අයත් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවන් 5දෙනකු බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනකු බව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී එම අපේක්ෂකයාගේ පෝස්ටර් 1500 ක්, පාප්ප බාල්දියක් සහ සැකකරුවන් පැමිණි ත්‍රි රෝද රථයක් සහ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුලී පදනම මත පෝස්ටර් ඇලවීම කළ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණයවී ඇත.

සැකකරුවන් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ දකුණ දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (2)

අපේක්ෂකයකුගේ පෝස්ටර් ඇලවූ 5ක් අත්අඩංගුවට

samantha Monday, 21 October 2024 02:32 PM

පෝස්ටර් අලවන්න තහනම්ද?

:       2       12

donTuesday, 22 October 2024 11:53 AM

තහනම් ඇති එකනේ අල්ලන්නේ.. පෝස්ටර් ඇලවීමෙන් කරන්නේ රජයේ දේපොල වලට හානි කිරිමක් සහ අපවිත්‍ර කිරිමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site