IMG-LOGO

’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී

(අංජුල මහික වීරරත්න)

’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  මහත්වරුන් ඇතුළු එජාප නායකයන් කොළඹ හයිඩ් පිටියට පැමිණීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නායකයෝ මෙන්ම ජනතාව මහ පොළොව මත වාඩි වී සත්‍යග්‍රහය කළහ.

සියලු දෙනාම සම භූමියක හිඳින රටක් බිහිකිරීම සංකේතවත් කරමින් නායකයන් මෙන්ම ජනතාව සම බිමෙහි සිට සත්‍යග්‍රහය කරන බව එහිදී  නිවෙිදනය කෙරිණි.


2022.03.25

04:02 P.M

(අංජුල මහික වීරරත්න)

"අඳුරු අනාගතය පහන් කරන්නට" යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී තව සුළු මොහොතකින් ඇරැඹීමට නියමිතය.

දිවයිනේ සියලු සියළු ප්‍රදේශ නියෝජනය කරමින් කොළඹට පැමිණි ජනතාව සවස 03:30 පමණ වන විට හයිඩ් පිටියට එක්රොක් වූහ.

ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුනු සියලු ජාති ආගම්  නියෝජනය කරන ජනතාව නිශ්ෂබ්දව පාගමනින් හයිඩ් පිටිය වෙත පැමිණියහ.

සතර අතින් පැමිණි ජනතාව නිසා හයිඩ් පිටියට ඔබ්බෙන් පිහිටි මාර්ග ද පිරී තිබූ අතර මහ මග යන වාහන වලට අවහිරයක් නොවන පරිදි හැකි තරම් හයිඩ් පිටිය ඇතුලට එක්රොක් වන ලෙස ද ජනතාවට නිවේදනය කෙරිණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර සහ ඩික්සන් වසන්ත)



අදහස් (1)

’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී

හීන්බණ්ඩා Saturday, 26 March 2022 02:02 PM

"අඳුරු අනාගතය පහන් කරන්නට" අනේ යන්න. ඔයාලා මොනවද කෙරුවේ බලය තියෙන කාලේ...? ඔබලා මේ රටට කරපු වින්නැහිය ඇති. ඔය කවුරුවත් වචනෙකින්වත් රටට හිතකර දෙයක් කරලා නැහැ. දැන් මොකද මැරිලා ඉපදිලද මේ? මේ වෙලා තියෙන විනාසෙට ඔය ඉඳගෙන ඉන්න හැම කෙනෙක්ම වග කියන්න ඕනේ... දැන් නැගිටලා යන්න ගෙවල්වලට... රටට කරපු අපරාධවලට විපාක විඳින්න සූදානම් වෙයල්ලා. මිනිස්දු දෙයි ඕවට දඬුවම්... දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත් ආයේ එන්න එපා ඕකට. ආවට වැඩක්‌ නැහැ. කරන්න දෙයක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 654 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site