IMG-LOGO

අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට ගන්න අවසර

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

තමන් නීතියට පටහැනිව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පසුගිය අප්‍රේල් 1 වැනිදා රාත්‍රියේදී ඇතාගල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් පැමිණ තමා අත් අඩංගුවට ගත් බවත් ඉන් පසුව රහස් පොලිස් බාරයේ රැඳවුම් නියෝග යටතේ තබා ගත් බවත් පෙත්සම්කරු කියා සිටී.

මෙම තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.



අදහස් (1)

අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට ගන්න අවසර

sharm warn Wednesday, 01 February 2023 01:00 PM

ඔවු අනිවාර්යයෙන්ම වන්දි ඉල්ලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site