IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනුරගේ අත්සන යෙදූ ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයට කරුණු කියයි

(රෝෂන් තුෂාර)

ජාතික ජනබලවේග පක්ෂය ""කිසිදු ආගමකට ප්‍රමුඛත්වය  දෙන්නේ නෑ" යනුවෙන් සඳහන් කරමින්  ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව  ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය  බී වාර්තාවක් ගොනුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි ගමගේ මහතාට කරුණු දක්වමින් අද (04) පැවසීය.

එම පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවද පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කරුණු ඉදිරිපත් කරමින් මෙසේද සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගය පක්ෂය පසුගිය 24 වැනි දින මහරගම තරුණ සේවා සභාවේදී භික්ෂු සමුළුවක් පැවැත් වූ බවත්,එම භික්‍ෂු සමුළුවෙන් පසුව පසුගිය විසින් 29 වැනි දින මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පළ වූ ලිපියක් යැයි හඟවමින් අදාළ ව්‍යාජ ලිපිය අන්තර්ජාලයට මුදා හැර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා පැමිණිලි කර ඇති බවද,පැමිණිලිකාර පක්ෂය හෝ අනුරු කුමාර දිසානායක මහතා එවන් ලිපියක් මාධ්‍යයන් වෙත නිකුත් කර නොමැති බවත් ඒ මහතා පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් පැමිණිල්ල බහා තැබීය.


 

 



අදහස් (8)

අනුරගේ අත්සන යෙදූ ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයට කරුණු කියයි

ගමේ එකාලා Wednesday, 04 September 2024 06:25 PM

පරාජය ඉවසාගත නොහැකි දූෂිත දේශපාලුවෝ සහ ඔවුන්ගේ වහල්ලු තව තව මඩ ප්‍රචාර ගෙනියන්න පුළුවන්...

:       181       78

රෘබොඩ Wednesday, 04 September 2024 07:13 PM

හඳුන්නෙත්ති බුදුන් වැඳීම, මල් පහන් පූජා කිරීම, වැනි දේවල් ගෝත්‍රික ආකල්ප කියලා ප්‍රසිද්ධියේම කියපු සාකච්ඡාත් මාත් ඇහුවා. පක්ෂ භේදයක් කෙසේවෙතත් මොවුන් නිර්ආගමික ජන කොටසක්... වග පැහැදිලියි.

:       51       131

අරවින්ද මොනරවිල Thursday, 05 September 2024 08:00 AM

ඔයාට පුලුවන්නම් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඕක කියන්න බලන්න, තිස්සට වෙච්චි දේ තමයි වෙන්නේ.

:       0       0

බණ්ඩා Wednesday, 04 September 2024 09:17 PM

සමහර විට ලිපියක් එහෙම නැතුව ඇති. ඒත් ඒ කාරණේ ඔය විදිහටම කියලා තියෙනවා කියන එක බොරුවක් නෙමේ. ඒ සියළු දේ මුද්‍රිත මාධ්‍ය සහ වීඩියෝ සාක්ෂි සහිතව තියෙනවා. ඕනේ කෙනෙකුට බලන්න පුළුවන්...!

:       0       0

Nandalal de Silva - France Thursday, 05 September 2024 02:31 AM

මැතිවරණයක් ආසන්න වෙන කොට, මෙහෙම හොර අත්සන් ගහපු ව්‍යාජ ලියකියවිලි, හතු පිපෙනවා වගේ එළියට එන එක ස්වාභාවික දෙයක් !!! මතකද කලකට පෙර, විරුද්ධ වාදියෙකු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හොර අත්සන් ගහපු බොරු ලියැවිල්ලක් සංසරණය වුණු හැටි...

:       0       0

Samson Perera Thursday, 05 September 2024 04:40 AM

බලයට එන ඕනෑම නායකයෙක් කිසිම ආගමකට ප්‍රමුඛත්වය නොදිය යුතුයි. අනුර කුමාර එවැනි දෙයක් කියා ඇත්නම් ඉතා හොඳයි...

:       0       0

Nishan Thursday, 05 September 2024 07:48 AM

ඊයේ කිව්ව දේ අද අමතක මිනිස්සු මෙයාලා. මෙයාලාම ලියපුවා දැන් නැහැයි කියනවා ඇති...

:       0       0

Perera Thursday, 05 September 2024 08:54 AM

දේශපාලනයට කිසිම ආගමක් ධර්මයක් අදාළ නැහැ . බටහිර රටවල දේශපාලනය ක්‍රිස්තියානි ආගම ඔලුව උද තියාගෙන නටන්නේ නැහැ

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site