
අධිවේගී මාර්ග තුනක් යා කරමින් ඉදිකළ කේබල් පාලමේ වැඩ මේ වන ඉදිකිරීම්වලින් සියයට 99.5ක් අවසන් කර ඇතැයි එහි ඉංජිනේරුවෝ පවසති.
දිගින් මීටර් 380ක් පමණ වන මෙම ඉදිකිරීම් සඳහා බිලියන 9.8ක් පමණ වැය කර ඇත.
අධිතාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකෙරෙන නව කැළණි පාලම ලබන මස අවසන් සතියේ විවාත කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
කටුනායක අධිවේගී මාර්ගය, කොටුව අධිවේගී මාර්ගය සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ග යා කරමින් මෙම මාර්ගය ඉදිකරයි.
කටුනායක සිට මෙම පාලම ඔස්සේ කොටුවට පැය භාගයකින් ළඟා විය හැකි බව ද ඉංජිනේරුවෝ පවසති.
ඡායාරුප ශාන්ත රත්නායක









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විවෘත කරනකොටත් බෙර,නැටුම්,උත්සව,පෙළපාලි නැතිව කලොත් තමා වටින්නේ. මොකද මේවා හදපුවට ගෙවන්නේ හිඟන්නා කන බනිස් ගෙඩියේ ඉදන් ගහන බදු වලින් මිසක් එන එන පාලකයෝ ගෙදරින් ගේන ඒවගෙන් නොවේ.
කිරිඇල්ල කියයි අපියි හැදුවෙ කියල, ජෝන කියයි අපියි කෙරුවෙ කියල, ඔය එක්කෙනෙක් වත් කියනවද මේව කලේ ජනතාවගේ සල්ලි වලින් කියල.
ලස්සනයි, අපිට, අපේ රටට හොඳ දෙයක්...
මේ පාලම ගොඩ නැගීමට ආධාර දුන්නේ ජපානයයි.
දැන් ඉතින් දේශපාලකයෝ ටික පොරකාවී ඕක කොරේ අපි කියල කවුරු කොරත් මේක නම් හොද වැඩක්. මොකද මෙතනින් යන එන අපියි දන්නේ සමහර දවසට මෙතන තියන කරුමය
කොළඹ තවත් හොඳට හදන්න පුළුවන්... තැන තැන තියෙන පොඩි ගොඩනැගිලි වෙනුවට කෙළින්ම තට්ටු 50ට එහා ටවර් හදන්න පුළුවන් නම්.. එතකොට ගොඩක් ආයතන නිවාස පිහිටි එකතැනකට ගේනවා. එවිට ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. ඕන විදිහට පාරවල් හදන්නත් පුළුවන්. කුණු බක්කියක් වගේ උඩ ඉඳන් බැලුවාම මැච් එක වෙලාවට පෙන්නනවා. බලන්න කැතයි. මීට වඩා හොඳ ප්ලෑන් එකක් ඕනෑ කොළඹ හදන්න.
තාම කවුරුවත් කිව්වේ නැතිද මේක ලෝකෙ ලොකුම එක, දිගම එක, පළලම එක වගේ ලෝකෙ පරද්දන කියමනක්...?
මේක කළේ ජපානයේ ජනතාවගේ සල්ලිවලින්...
විවෘත කරනවද? ජනතා අයිතියට පත් කරනවද?
කමක් නෑ බයියන් සතුටින්නේ ඉන්නේ
මාරයි ඒ පාලමත් අර නෙලුම් කුලුන වාගේ සතුටට එක පාටක් ශෝක වෙන්න තව පාටක් තරහ ගියාම තව පාටක් දාන්න පුලුවන්නේ.?
අපට පාරේ පාට පාට ලයිට් විතරයි අඩුවක් තිබුනේ. දැන් එකත් හරි.
මම ඉන්න රටේ, මම වැඩ කරල ගෙදර යන පාරෙ අලුතින් ගුවන් පාලමක් හැදුවා. අවුරුද්දකට විතර පස්සෙ පාලමේ වැඩ ඉවරකරලා, වැඩ කරපු අය දෙපැත්තෙන් වහල තිබුන පොලිතින් පටි ටික සුද්ද කරල දාල ගියා. එදා ඉඳලා පාලම වාහන වලට විවෘතයි.
ඔතන පාළම හදල දැන් සාමාන්‍ය පාරෙ වතුර පිරෙනවා. මේක වහින රටක්.. වතුර බහින්න තියෙන්න ඔනි. මොක හැදුවත් දැන් ඕකෙන් අපිට යන්න බැහැනෙ. අපි යන පාර යට වෙනවා. ආපහු ට්‍රැෆික් වෙනවා. වැඩක් කරනකොට තිබ්බ පාර කාල දානවා. ඔක ගිහින් ඔරුගොඩවත්තෙන් බහිනකොට. ඔරුගොඩ වත්තෙ ඉදල පාර පළල්ද ? මන්තීරු කීයද? දැනටත් හිර වෙන තැන් විදියට දකින්නෙ ඔරුගොඩ වත්ත. එ ටිකත් හරිනම් පහු කරගෙන යන්න ඔනි.