IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ විවාදය බලන්න සිසු දරුවෝ දහස් ගණනක් මැති සබයට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණි බව වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු මහතා පැවසීය.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බව වෙිත්‍රධාරීවරයා වැඩි දුරටත් පැවසීය.

ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් ඇතුලත මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක කාරකසභා අවස්ථා විවාදය අද විවාදයට ගැනුණි.



අදහස් (6)

අධ්‍යාපනයේ විවාදය බලන්න සිසු දරුවෝ දහස් ගණනක් මැති සබයට

Kosala Kariyawasam Friday, 02 December 2022 11:05 AM

හොදට බලන්න දරුවනෙ. බලල අනාගතයෙදි හරියට තමන්ගෙ චන්දය පාවිච්චි කරන්න. මුලික දේශපාලන දැනුම හැම ලමයෙකුටම අනිවාර්ය කරන්න ඔනි පාසල් අද්‍යපනය තුල.

:       0       7

A.M.Nawarathna Friday, 02 December 2022 11:07 AM

මම හිතන්නෙ බන කියන හින්ඩ වෙන්න අති

:       1       2

චමින්ද මමා Friday, 02 December 2022 11:52 AM

අනේ දුවේ,පුතේ ගියාට කමක් නැහැ එතන ඉන්න අය කියවන විකාර' කතා එහෙම ඉගෙනගන්න එපා සමහර අය දබරගිල්ල උස්සලා තර්ජනාත්මකව කතා කරනවා ඒවා ඉගෙන ගන්නත් එපා හරිම කැතයි .තමන්ගෙ ප්‍රදේශයේ මංත්‍රිතුමාගේ හැසිරීම කතාව අමිහිරි නම් ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට නොයවන්න අම්මා තාත්තා හා නෑදෑ පිරිස දැනුවත් කරන්න නැත්නම් දුවේ පුතේ ඔයාලට අයිතිය ලැබෙන්න තියෙන මේ රට හදන්න බැහැ දූලා පුතාලට තෙරුවන් සරණයි

:       0       9

සිසුවියගෙ අත්දැකීම Friday, 02 December 2022 02:38 PM

අනේ අම්මෝ...! අපේ ටීටර් අපි දැනගෙන හිටියේ නැහැනේ පාර්ලිමේන්තුව කියන්නේ දිව්‍ය විමානයක් කියලා. අපේ ඇස්වලට අදහා ගන්නත් බැරිවුණා... ඒ පරිසරය දැකලා... සුදු ඇඳුමින් V-8 වාහනවලින් බැහැපු අය ඇතුල්වුන හැටි දැක්කහම අපිට හරිම ආඩම්බරයක් නේද ටීචර්..! සමහර ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ ඇයි අහන ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දෙන්නේ ... ඒ කියන්නේ සිංහලෙන් පිලිතුරු දෙනකොට වචනවල අගයක් නැද්ද ටීචර්.? ආ..තව එකක් ටීටර්... අපි නිතරම දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ මන්‍ත්‍රීලා නිතරම මොබයිල් එක පාවිච්චි කරනවා කතානායක වැඩපටන් ගත්ත වෙලාවේ ඉඳලා... ඒක අපිටත් රටටත් ලොකු ආදර්ශයක්...! එහෙම කරලත් ඒ අය මාසෙ පඩි ගන්නවනේ .. ටීචර්ලටත් එහෙම පඩිය ගන්න පුළුවන්නේ ඉතින්... අපේ ඉස්කෝලවලටත් ඔය මොබයිල් ටෝක් අනුමැතිය ලඛා දෙන්නකෝ... ඒක ඇතුලේ මැතිඇමතිලා නිතරම කෑගහගන්නවා දැක්කාම අපිට පුදුම හිතුණා.. ටීචර් ඇයි කතානායකතුමා ඒ අයව එයා ඉදිරියෙදි අපේ ඉස්කෝලවල දෙන දඬුවම වගේ දණ ගැස්සුවේ නැත්තේ කියලා..? සමාවෙන්න ටීචර් මේ ප්‍රශ්ණය ඇහුවාට... ඒ අය අපේ පන්තියට වෙනකම්වත් ඉස්කෝලේ ගිහිල්ලම නැතිද ..? පාර්ලිමේන්තුව නැරඹීමට ගිය 8 වසර සිසුවියගේ අත්දැකීම්..!

:       1       2

කල්පනා නැන්දා Saturday, 03 December 2022 11:39 AM

දුවේ ඔයාට තේරෙනවා නේද හොර යක්කු රට කාබාසිනියා කරන දූෂිතයින් ගහගෙන, මරාගෙන මැතිවරණ කරන්නේ මොකටද කියලා. ඒ අතරෙ ඔයා දැක්කෙ නැද්ද ආදී වාසියෙක් වගේ කෙනෙක් (ආදි වාසීන්ට අපහාසයක් නොවේවා) දඟලපු දැඟලිල්ල... ඒ මිනිහා ඔබේ ප්‍රදේශයේ කෙනෙක් නොවෙයි කියලා හිතෙනවා. ඔහු ඔයාගේ ප්‍රදේශයේ කෙනෙක් නම් නැවත කිසිදාක යවන්න එපා. ඒ මිනිහාගේ නම තියෙන ලැයිස්තුවේ කාටවත් ඡන්දය දෙන්නත් එපා.ඒ වගේම පාර්ලිමේන්තුවේ කෙනෙක් කතා කරද්දී බාධා කරපු අය හඳුනා ගත්තා නම් එහෙම අයටත් පාර්ලිමේන්තුවට ඇවිත් නිදාගෙන හිටපු අය හා ෆෝන් එකෙන් සෙල්ලම් කරමින් සිටි පැමිණීම සඳහා දීමනා ගත් අයත් ඊළඟ වතාවේ එළියට යවන්න ජනතාව දැනුවත් කරන්න දුවේ...

:       0       0

arschfikaa Saturday, 03 December 2022 01:06 AM

ලෝකේ කිසිම රටක පාර්ලිමේන්තුවකට මෙහෙර ඉස්කෝලෙ ළමයි නරඹන්න ගිහින් නැතුව ඇති. ඒකට හේතුව, 1. ලෝකේ පොඩිම රටේ පාර්ලිමේන්තුව 2. ලෝකේ වැඩිපුරම ඇමතිලා මන්ත්‍රීලා ඉන්න එක 3. අට පාස් එවුන් වැඩිපුරම මේකෙ ඉන්න නිසා 4. මේවගේ පගාමරුවන් වෙන කිසිම රටක නැති නිසා. 5. ජනයාගේ බදු මුදලින් කෝටි ගණන් වටිනා වාහනවලින් එන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31216 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 78 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 910 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site