IMG-LOGO

අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස්

(රන්ජන් කටුගම්පොල)

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක විභාගය අවසන්  කළ අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට අද තීරණය කළේය.

තමා විසින් සිදු කරන ලද එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සහ මින් ඉදිරියට එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවට සිය නීතීඥවරයා මගින් ඇය අධිකරණය හමුවේ දුන් පොරොන්දුව ලබා දුන් සලකා බැලීමෙන් පසු ව මෙසේ  හිටපු  මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පැමිණිල්ල සලකා බැලීණි.

අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා දන්වා සිටියේ තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට පොරොන්දුවක් ලබා දී එය සමථයකට පත් කර ගැනීමට විත්තිකාරිය සූදානම් බවට ඇයගේ නීතිඥවරයා විසින් තමන්ට දැනුම් දුන් බවය.

ඒ සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද ඒ අනුව මෙම පෙත්සම විභාගය අවසන් කළ හැකි බවද නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා එහිදී සඳහන් කළේ ගල්කිස්ස මහාධිකරණය විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් සිය සේවාදායිකාව විසින් සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට ඇය සූදානම් බවය.

එසේම එම නඩුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට සිදු නොකිරීමට පොරොන්දුවක් ලබා දෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව හිරුණි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය .

 



අදහස් (3)

අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස්

ගමේ එකාලා Wednesday, 04 December 2024 04:52 PM

වෙන කේස් තියෙනවා.

:       10       13

විපරමා Wednesday, 04 December 2024 05:53 PM

ගරු විනිසුරු දෙපළ මානුෂිකව කල්පනා කර කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ ප්‍රණාමය...

:       0       0

රුවන් Thursday, 05 December 2024 09:08 AM

නිතී උපාධිය ගත්තා කියන එකත් ප්‍රශ්නයක් මට නම්.

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 23 0

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 120 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 350 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 533 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1341 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 312 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1407 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1608 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site