
( මහින්ද නිශ්ශංක )
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (17) කොළඹ කොටුව සිට බදුල්ල දක්වා, බදුල්ල සිට කොටුව දක්වා, මහනුවර සිට කොටුව දක්වා, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා, කොටුව සිට හික්කඩුව, මාතර සිට කොටුව, ගාල්ල සිට කොටුව දක්වා ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.
මේ අතර හෙට (18) සමුද්‍ර දේවි දුම්රිය පෙ.ව.3.50 ට මාතර දුම්රිය ස්ථානයෙන්ද, හික්කඩුව දුම්රිය පෙ.ව. 4.30 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ද , ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ සෙසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.අද සහ හෙට මෙම විශේෂ දුම්රිය සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව යොදවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද - හෙට විශේෂ දුම්රිය කීපයක්