(ඩයනා උදයංගනී)
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේ සිට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව,උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් මෙම වැසි ඇතිවන අතර, ඉදිරි දින කිහිපයේ දී එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එබැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කර ඇත.
මෙම අඩුපීඩන කලාපය අනිද්දා (1) වන විට මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද එම නිවේදනයේ දැක්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
අද සවස තද වැසි