IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අද සිට දින තුනක නිවාඩුවක්

(අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර)

අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්‍රියේ දී තීරණය කර ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇතැයි ද එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සිදුකරන බව ද රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

මෙම දින තුනක විශේෂ නිවාඩු දින පෞද්ගලික අංශයටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ඇමැතිවරයා සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම විශේෂ නිවාඩුව බල නොපැවැත්වෙන බව ද වැඩිදුරටත් පැවැසීය.්‍



අදහස් (19)

අද සිට දින තුනක නිවාඩුවක්

Anton Austria Monday, 16 March 2020 08:15 PM

ඔබ තුමාට පිං. ඇත්තටම අපි ලබපු වාසනාවක් ඔබ වැනි ජනාධිපති කෙනෙක් ලැබීම.

:       569       319

raviTuesday, 17 March 2020 07:13 AM

ඔව්, අනිත් රටවලවත් කාලය ගතවෙන්නේ " ඇඳිරිනීතිය " හා සමානයි , එත් ඒ රටවල්වල ජනතාවට කන්න, බොන්න හොඳින් සපයනවා ... ඒත් අපේ රටේ එහෙම දෙයක් නැහැනේ ..

:       0       0

කපුරු හාමිTuesday, 17 March 2020 08:26 AM

අනේද කියන්නේ? වාසනාව දෝරේ ගලනවා?

:       0       0

SK Monday, 16 March 2020 11:44 PM

කොළඹ තියෙන ගොඩක් කන්ට්‍ර්ක්ෂන්ස් කොම්පැනි වැඩ කරනවා. කොරියන්, ඉන්දියන් චීන අය ඉන්න ඒවා??.

:       4       42

Tharindu Kanchana Tuesday, 17 March 2020 12:22 AM

ඉතා හොඳයි. උත්සාහ කරන්න මැඩ පවත්වන්න.

:       134       117

රජින්ද Tuesday, 17 March 2020 12:37 AM

මේ වගේ තීරණ ගන්න ඇමති කෙනෙක් ඕනද? නිවුස් එක දෙන්නේ රෑ 12ත් පහුවෙලා. ඒ මදිවට රජයේ අයට නිවාඩු දීලා ඒක පුද්ගලික අංශයටත් දෙන්න කියලා ඉල්ලීම් කරන්නේ මොන එහෙකටද අනිවාර්ය නොකර.

:       171       325

රොහාන් Tuesday, 17 March 2020 01:26 AM

අතීසාරයට අමුඩ ගහනව වගේ වැඩ නොකර රටේ මහජනතාව ගැන සිතා වැඩ කරන්න.

:       265       181

SL Tuesday, 17 March 2020 01:32 AM

කොරෝන හැදෙන්නේ රාජ්‍ය අංශයට විතර ද? පුද්ගලික අංශය ට කියන්න බැරි මොකද. බලය තියෙන ආණ්ඩුවට බැරි කොට වැඩට යන අපි කොහොමද කියන්නේ සයිට් වහන්න කියලා පුද්ගලික අංශයේ විශේෂයෙන් සයිට් වල වැඩ කරන චීන්නු කොරියන් අය එක්ක වැඩ කරන අයට හැදෙන්නේ නැතිද?

:       114       68

Radika Tuesday, 17 March 2020 01:41 AM

ගෙදරටම වී සිටින්න. සේවාවන් අඩුම සේවක පිරිසකින් කිරීමට ආයතන ප්‍රධානීන්ට මොළය පෑදේවා

:       17       58

Pradeep Tuesday, 17 March 2020 02:16 AM

ප්‍රමාද වී හෝ ගත් හොඳ තීරණයක්.

:       90       172

Nandasena Tuesday, 17 March 2020 02:41 AM

එතකොට ගෙවන්නේ නැති පඩි?

:       120       19

ruwan Tuesday, 17 March 2020 03:24 AM

නිවාඩු නොදෙන අයතනවලට ලෙඩේ හැදෙන්නේ නැද්ද.?

:       68       62

rizwan Tuesday, 17 March 2020 03:43 AM

පුද්ගලික අංශයේ මැරුණත් නිවාඩු දෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවෙන්ම අනිවාර්ය කරන්න ඕන. ඉබ්බන්ගෙන් පුලුවන්ද පිහාටු ගන්න.

:       73       82

ජනක Tuesday, 17 March 2020 04:17 AM

දන්න කෙනෙක් කියන්න මේ රොගය පැතිරෙන්නේ රජයේ සේවකයන් හරහා පමනද... අද දින නිවාඩු ලැබු රජයේ සෙවකයන් ගනන ලක්ෂ 2ක් වත් නෑ නේද... මරුවා සමග අපි අද රාජකාරි.

:       115       705

අතුල සවුදි Tuesday, 17 March 2020 04:44 AM

මේකෙ තියෙන සමහර අදහස් දැක්කම හිතෙන්නේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ තමන්ගේ පක්ෂෙ කණ්නාඩිය දාගෙන කියලා .

:       0       0

nimali Tuesday, 17 March 2020 04:55 AM

ජනධිපතිතුමනි ඔබතුමාටත් අපගේ විරෝධාර රණවිරුවන්ටත් මේ කරන්නාවූ මෙහෙවරට අපේ උත්තමාචාරය .

:       0       0

Lakmal Tuesday, 17 March 2020 05:21 AM

සියල්ලන්ටම සතියම නිවාඩු දුන්නා නම් ඉවරයි. අද නිවාඩුව කිසිම අර්ථයක් නැහැ. ඔක්කොම පාරෙ....

:       0       0

Kumara Tuesday, 17 March 2020 05:44 AM

කවුරු හරි ඉන්නවානම් මෙතුමාට මේ අවධානම කියලා දෙන්න.

:       0       0

MOHOMED KSA Tuesday, 17 March 2020 06:10 AM

කවදත් කුඩම්මාග සැලකිලි පෞද්ගලික අංශයට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site