(අංජුල මහික වීරරත්න)
ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා නොමිලේ බෙදා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මෙම පොහොර තොගයෙන් වී වගාව සඳහා සියයට 50 ක්ද ඉතිරි සියයට 50 පොල් වගාව සඳහාද භාවිත කිරීමට ඉකුත් 9 වෙනිදා කැබිනට් මණ්ඩලයද තීරණය කළ තිබිණි.
සාමාන්‍යයෙන් එක් කන්නයක වී වගාව සඳහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000 ක් බැවින් පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන් සඳහා බෙදා හැරීමටද, ඉතිරිය පොල් වගාව සඳහා භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය කියයි.
රුසියානු රජයේ Uralchem සමාගම විසින් මෙම මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර නිෂ්පාදනය කර තිබේ.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා
ගමේ එකාලා Thursday, 12 December 2024 04:45 PM
පහුගිය ආණ්ඩුව කාලේ ලැබුණා නම් ඔවුනොවුන් වැඩි ගාණකට විකුණලා ඒකෙනුත් ගසා කයි. සුනාමි ආධාර වලට වෙචිචි දේ ලෝකෙම දන්නවා...
SAM Thursday, 12 December 2024 06:54 PM
නොමිලේ ලැබෙනවා (ප්‍රධානයන් වශයෙන්) නොමිලයේ බෙදා දෙනවා, නොමිලයේ ලැබූ පමණින් රජයක් විසින් කිසිවක් කිසිවකුට නොමිලයේ ලබාදිය යුතු නැත. නොමිලයේ ලැබීමෙන් පසු ගොඩබෑමේ සිට ගොවීන්වෙත ලබාදීම දක්වා සියල්ලට රජයට පිරිවැයක් (ප්‍රවාහනය සඳහා, ඉන්ධන සහ වෙනත්) ඇත. ලෝකයේ කිසිඳු දියුණු රටක පවා නොමිලයේ කිසිවක් ලබාදෙන්නේ නැත. ලංකාවේ සියලු පක්ෂවල දේශපාලකයින් පුරවැසියන්ට කිසිවක් නොමිලයේ ලබාදීමේ මෝඩ ප්‍රතිපත්තියෙන් මිදීමට කටයුතු කළයුතුවේ. (ගොඩ දැමීමට, දශක ගණනාවක සිට සෑම රජයක් යටතේම මෙම රට ගොඩ දැමීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් ඇත, ගොඩ දැමීම කෙසේ වෙතත් රටට ඉදිරි ගමනක් නම් නොමැති බවක් පෙනෙන්නට ඇත) පොහොර නොමිලයේ ලබාදීම වෙනුවට ඒ සඳහා රජයට වැයවන පිරිවැය හෝ ලබාගැනීමට කටයුතු කළයුතුවේ. ප්‍රධානයක් වුවත් එහි වටිනාකමක් තිබෙනා බව ගොවීන්ට දැනිය යුතුවේ...
Warmi Thursday, 12 December 2024 09:36 PM
මේ ප්‍රධානය මුළු ශ්‍රී ලාංකික ජනතාවටම ලැබුණු ප්‍රධානයක් මෙය අවශ්‍ය අයවලුන්ට ලබා දුන්නට මෙහි ප්‍රතිලාභ ලංකාවේ සෑම ජනතාවටම ලැබිය යුතුයි නැතහොත් අසාධාරණ ලෙස හාල් පොල් එළවළු වල මිල වැඩි කරලා එක කොට්ඨාසයකට විතරක් මෙහි ප්‍රතිලාභ ලැබීම ඉතාමත් ඛේදජනක සිද්ධියක් එනිසා මේක හරි නියාමනයක් තියෙන්න ඕනේ. වතුරත් නිකන් දෙනවා. පොහොර සහනාධාර දෙනවා. ආයි නිකන් ලැබෙන පොහොර දෙනවා ඊට පස්සේ වගාවලට ඒවට මොනවා හරි උනොත් ඒවටත් වන්දි ගෙවනවා අන්තිමට ජනතාවට හුළං තමයි
Gunasingha Friday, 13 December 2024 06:40 AM
පොල් වගාවකට දෙන්නේ කොහොමද කියලා කියන්න සාමාන්‍යයෙන් ගෙවතුවල වගාවන්ටත් දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි..
Lalla Friday, 13 December 2024 07:34 AM
කිසිම දෙයක් නිකම්ම දෙන්න ඕන නෑ. සාධාරණ මිලකට අලෙවි කරන්න. ඕනෑ අයට මිලට ගතහැකි විදියට. නිකම්ම දුන්නම ගොවීන් අතට වඩා හිතවතුන්ට බෙදාගන්න එක වලක්වන්න බෑ. ඉන්පසුව කලුකඩය නිර්මාණය වෙනව.... පිනට බෙදීමේ අවසාන ප්‍රතිඵලය පොල් ගහක් නැති අයට පොහොර සහනාධාරය ලැබීම....ආණ්ඩුව බැනුම් ඇසීම...
අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:14 AM
හොද වෙලාවට ඕක මාලිමාව ආණ්ඩුවට ලැබුණේ. සිලින්ඩර් මුත්තගේ පාලන කාලයේ ලැබුණා නම් සාගල, රුවන් ඇතුලු නඩය ඕක ගිලිනවා.