IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

 

(නිමල කොඩිතුවක්කු සහ ඩයනා උදයංගනී)

කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී  අද (10) දිනයේ එළිදක්වනු ලැබීය.

අදියර  තුනක් යටතේ ක්‍රියාත්මක මෙම කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන අතර එම සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

කොවීඩ් අවදානම් මට්ටම් එක, දෙක සහ තුන ලෙස වර්ග කරමින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඒ අනුව අවධානම් මට්ටම් එකේදි සෞඛ්‍ය නිරෝධායන උපදෙස් වලට යටත්ව සාමාන්‍ය පරිදි බස් රථයට මගින් නංවා ගැනීම සිදුකල හැකි අතර එහිදී සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ලබයි. අවදානම් මට්ටම් දෙකේදී ආසන සංඛ්‍යාවට පමණක් මගින් මගින් නංවා ගනු ලබන අතර සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1.2 ක් අයකරනු ලබයි.

අවදානම් මට්ටම් තුනේ දී ආසන සංඛ්‍යාවෙන් 50%ක් පමණක් මගීන් නංවා ගත යුතු අතර සාමාන්‍ය බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5 ක්, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක්  අධි සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1 අයකරනු ලබයි.

සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි සකස් කර ඇති කොවීඩ් ප්‍රවාහන  ප්‍රතිපත්තියට අනුව  බස්රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකර ඇති බවද අමාත්‍යවරයා  සඳහන් කළේය.

කොවීඩ් තත්වය පහව ගිය පසු  බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද අමාත්‍යරයා පැවසීය.

පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදවද අවධානය යොමු කරමින් දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස ප්‍රවාහන ප්‍රතිපත්තිය සකස් කර ඇති බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (12)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

vikum Tuesday, 10 November 2020 01:56 PM

කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤං...1948 සිට නුබලා රට ගෙන ගිය තැන මිනිස්සුන්ට නොතෙරෙන එකයි ගැටලුව, එක නිසා තව කැමති කැමති දෙයක් වැඩි කරන්න, අපි බුරුවන්සේ නුබලාට වහල් කම් කිරීමට බලා සිටි.

:       2       35

Asanga Tuesday, 10 November 2020 02:00 PM

කෝ දාපු ලොරි කතා.

:       0       31

Viki Tuesday, 10 November 2020 02:07 PM

69 ලක්ෂයට දැන් හොඳ ඇති.

:       2       41

anuruddha Tuesday, 10 November 2020 03:21 PM

වැඩිකරන්න නෙවෙයිනේ යන්නේ නේද.?

:       2       21

Namuni Tuesday, 10 November 2020 04:30 PM

ඔබ යන්න, ඔබ යන්න ඔබ ඔහොම උඩටම යන්න අපට දැනෙන සනීපේ කියන්න වචන නෑ.

:       2       28

ගුණරත්න Tuesday, 10 November 2020 04:36 PM

ගෝඨාභය නාමේ....

:       2       31

Achira Tuesday, 10 November 2020 05:25 PM

ඔහොම යං.

:       2       28

ranjith Wednesday, 11 November 2020 01:04 AM

සල්ලි හොයන්න ජනතාව ජීවත් වෙලා ඉන්න එපෑයෑ. බස්කාරයන්ගේ තණ්හාව නිසා බස් කර්මාන්තේ නැතිවෙනවා. මිනිස්සු ගමන් යාම අඩු කරනවා. පුළුවන් තරම් තමන්ගේ බයිසිකල් එකක හරි වැඩටික කරගන්නවා.

:       0       0

wicky Wednesday, 11 November 2020 02:38 AM

දැන් කොරෝනා අඩුවෙලා පොල් පටවාගෙන යද්දී පරණ ගණන්වලට අඩු කරාවිද? ඔය බස් ගැමුණුව එතකොට කියාවි ලීස් වැඩිවෙලා. ඒ නිසා අඩුකරන්න බැහැ.. අපේ මෝඩ ඇමැතිලාත් ඔව් සර් ඒක ගාණටම තියන්නම් කියලා කියනවා බස්ගැමුණුට. මදැයි සර් ආවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 November 2020 02:50 AM

කලින් ආණ්ඩු වගේම මේ ආණ්ඩුවටත් බස් ගැමුණුට, බස් සංගම් මාෆියාවට කරටිය පාත්කරන්න වුණා. හුරේ... කෝ පෙර කී එඩිතර ප්‍රකාශ..? මෙන්න මේ වෙලාවට තමයි කියන්නේ ගෙරෙව්ව තරමට වහින්නේ නැහැ කියා. එදා පම්පෝරි ගැහුවට අද ඒවා නැහැ. ඒ කොයිහැටි වෙතත්, මේ රටේ බස් මාෆියාවට නීතිරීති බලපාන්නේ නැහැ. ආයෙ වැඩිකලක් නොගිහින්ම පොල් පටෝනවා වගේ... වවුලන් එල්ලන් යනවා වගේ.. මගීන්ව නොගෙනිච්චොත් කපනවා කණ. ගොමරිටි උඩ එනවා. තිරිවානා යට යනවා. උගතුන්ට නිකං බලාසිටීමට සිදුවෙලා. නූගතුන් උගතුන්ව පාලනය කරනවා. දේශපාලකයන් සුර සැප විඳිනවා. ජනතාව සුඛිත මුදිතව ඉතා ප්‍රීතියෙන් කල් ගෙවනවා. මෙහෙමත් .. සැපක්.. අම්මපා.. ඔහොම යන්...

:       0       0

ranga Wednesday, 11 November 2020 09:17 AM

කොරෝනාව නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්න මේ අවස්ථාවේ මෙවැනි වියදම් රජය විසින් දැරිය යුතුයි. බස්ගාස්තු වැඩිකිරීම නීතිවිරෝධී සහ කොරෝනා සහනයට එරෙහිවීමක්...!!! 

:       0       0

Rata Perata Wednesday, 11 November 2020 03:19 PM

දැන් සැපද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site