IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අත් බෝම්බ,කඩු සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ""සමයං " නැමැත්තාගේ සමීපතමයකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්,  කඩු දෙකක් අද 31) දා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි (26) "බඩිගි" නැමැත්තා බව පොලිසිය කියයි.

වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාට ලද තොරතුරක් අනුව, රාජගිරිය පොල්වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කිරීමේදී, එහි කාමරයක  තිබූ ඇඳක කකුලකට තබා වෙලුම් පටිවලින්  ආවරණය කර තිබූ  මෙරට නිෂ්පාදිත  ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව නිවසේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තවදුරටත් නිවස පරික්ෂා කිරීමේදී නිදන කාමරයක ඇද මෙට්ටයක් යට සඟවා තිබූ, අඩි තුනක් පමණ දිගින් යුත් කඩු දෙකක් සොයා ගැනීමට හැකි වූ බව කියයි .

පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වු  සමයං නැමැත්තාගේ සමීපතමයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .

සැකකරු  මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවත්, එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටී  පුද්ගලයින් කණ්ඩායමක් සමඟ වවුනියාව ප්‍රදේශයේ සිදුකළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

සැකකරු මෙම නීති විරෝධී භාණ්ඩ ළඟ තබාගෙන කිසියම්  අපරාධයක් සිදුකිරිමට ද, යන්න පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි . ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අත් බෝම්බ,කඩු සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site