(ඉන්දිකා රාමනායක)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවකගේ යට ඇදුමේ උපක්‍රමශිලී ලෙස සඟවාගෙන සිටි ජංගම දුරකතනයක් සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සැකකාරිය විසින් සැකකරුට ලබා දිම සදහා ජංගම දුරකථනය ඇගේ යට ඇදුමේ සඟවා බන්ධනාගාර තුලට ඊයේ (21) පැමිණ සිටි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම කාන්තාව බන්ධනාගාරය තුල අමුත්තන් පෙන්වන ස්ථානයට යාමට තැත් කිරිමේදී අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් එම කාන්තා පරික්ෂා කිරිමේදී ඇගේ යට ඇදුමේ සඟවාගෙන තිබු ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
මෙම සිදුවිම සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීතුමා වෙත වාර්තා කිරිමෙන් පසුව එම තහනම් ද්‍රව්‍ය සමඟ සැකකාර කාන්තාව ඉදිරි නීතිමය කටයුතු කිරීම සදහා අගුණකොළපැලැස්ස පොලිස්ථානය වෙත භාර දී ඇත.
සිදුවිම සම්බන්ධයෙන් බන්ධනාගාර මුලස්ථානය ද මුලික විමර්ශණයක් ආරම්භ කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දුරකතනයක් ගෙන ගිය කත මාට්ටු