IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අගමැතිකම අතහරින්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් ඉවත් වූ  විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා හමුවී  ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ඉකුත් දිනක අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී  මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත

අගමැතිවරයා ඔවුන්ගේ  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර,ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත.

මේ අතර, ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ  කණ්ඩායමේ නියෝජිතයන්   ඉකුත් සතියේ ඉරිදා (10) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ද ,මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර, නව අගමැතිවරයකු පත්කරන්නැයි ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා ද ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

 

 

 

 

 



අදහස් (3)

අගමැතිකම අතහරින්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

මහඝෙන් Saturday, 16 April 2022 02:30 PM

බෙර විමලයටයි, අගුපිල්ලටයි අගමැති වෙන්න දොලදුක හැදිලා වගේ...

:       0       0

Chanaka Saturday, 16 April 2022 02:57 PM

රජය, නැති අය රජයට වැඩකරන හැටි කියා දෙන්න අවශ්‍ය නැහැ.

:       0       0

LGPJ Saturday, 16 April 2022 09:20 PM

මේ දෙන්නා අගමැතිතුමාට තවමත් ආදරෙයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 309 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 837 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site