සෙනරත් බණ්ඩාර
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉල්ලීම් නවයක් ලබා දෙන ලෙස බල කරමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මුල් කරගෙන අද (13) අනධ්‍යන සේවකයන් විසින් ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
විශ්වවිද්‍යාල සේවක සංගමයේ සම සහාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා උද්ඝෝෂණයේදී ප්‍රකාශ කර සිටියේ තම ඉල්ලීම් වෙනුවෙන් පසුගිය වසරේ එකගවූ දීමනාවන් හා අනෙකුත් ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙසයි.
විෂයභාර අමාත්‍යාංශය හා කොමිෂන් සභාව ලිඛිතව පොරොන්දු වුවත් එම කොන්දේසි වල බොහෝ කරුණු විදිමත්ව විසදීමට අපොහොසත් වී ඇති බවත් මෙය නැවතත් වෘත්තීය සමිතිය අරගලයක් දක්වා තල්ලු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම වෘත්තීය අරගලය ආරම්භ වූ 28 වන දින සිට මේ දක්වා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊට මැදිහත් නොවූ බවද සඳහන් කළේය.
විශ්ව විද්‍යාල පද්ධතිය තවදුරටත් අකර්මන්‍ය නොකොට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ පරිසරය නිර්මාණය කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුලික වගකීම බවත් අත්සන් කරන ලද එකගතා ලියවිල්ලේ කරුණු ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන ලෙස බල කර සිටින අතර ඒ දක්වා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවද ඔහු සඳහන් කළේය.



COMMENTS
අනේ මහත්වරුණේ වැඩවර්ජන අත්හැර සේවය කරන ගමන් ඉල්ලීම් ලබාගන්න උත්සහ ගන්න. සිසුන්ගේ අධ්‍යපනය ගැන සිතන්න.
වැඩ වර්ජනයට කරන්න්නන්ට වැටුප් නොගෙවන්න. ඔවුන් ලංවිම, පෙට්ට්‍රෝලියම්, වරාය සහ බැංකු වැනි අයගේ වැටුප ඇද ගනී. ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට කාගේ මුදල් තිබේද? මෙම පාලනාධිකාරය ප්‍රබල පරිපාලනයක් නොමැති අතර එය අතිශයින් අවුල් වියවුල් වේ.
අනධ්‍යන සේවකයින් නෙවෙයි, හරියටම ගැලපෙන්නේ විශ්ව විද්‍යාල අයිස් සේවකයින්...
තවත් එක ගෝත්‍රික සටනක්. තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට දරන උත්සාහයක්...
පසුගිය කාලයේදී සෑම රජයේ සේවකයෙකුටම රජයෙන් මූලික වැටුප් වැඩි වීමක් කළා. එතනදි ඇතැම් සේවාවන්ට වෙනමම චක්‍රලේඛ මඟින් වැටුප් වැඩිවීම දෙන්න සිදුවෙනවා. මේ එවැනි එක් අවස්ථාවක්... කොමිසන් සභාව මේ වැටුප් වැඩි වීම් හෙවත් මේ වසරේදී ක්‍රියාත්මක වීමට තිබූ වැඩිවීම්, එකඟ වුණාට පස්සෙත් ක්‍රියාත්මක නොකීරීම තමයි හේතුව...
කොච්චර දුන්නත් මෙයාලට මදි. රුපියල් දෙතුන්දාහට විශ්ව විද්‍යාලවල නිලනිවාසවල නැවතිලා, ඒවයෙත් හොරෙන් බෝඩිං දාලා ළමයි නවත්තගෙන ගසා කනවා. විශ්ව විද්‍යාල වත්තේ, පිටියේ තියෙන අලිගැටපේර, අඹ, කෙසෙල් කඩලා විකුණනවා. දවල් කෑම පැයේදීත් පනින්න පුළුවන් හැම වෙලාවේමත් රාජකාරියෙන් බැහැර වෙලා ත්‍රීවීල් තියාගෙන හයර් දුවනවා. දෙපාර්තමේන්තුවල, කාර්යාලවල අල්පෙනිත්තේ කඩදාසියේ සිට පන්නන්න පුළුවන් සියලුම දේ ගෙදර ගෙනියනවා. කොච්චරවත් පෝන් එකට ඇන ඇන ඉන්නවා මිස වැඩ නෑ. ලොකුකම නම් උපකුලපතිටත් එහා. සමහර අය හොරෙන් කෝල් දීලා ආචාර්ය මහාචාර්යවරු වගේ තමන්ගේ වැඩ නෑදෑයන්ගේ වැඩ කරවා ගන්නවා රජයේ ආයතනවලින්... මේ මගඩි ගැන කියන්න මෙතන ඉඩ මදි. මම හොඳින්ම දන්න හින්දයි කියන්නේ...
සරසවි සේවකයෝ වැඩ වර්ජනය කරන්නේ තමන්ගේ අනාගතය සුරක්ෂා කර ගන්න , රජයේ විශ්‍රාම වැටුපක් නොමැතිව සේවයෙන් විශ්‍රාම ගිය අනධ්‍යන සේවකයෝ මෙන්ම ආචාර්ය මහාචාර්ය වරුද රැකවරණයක් නොමැතිව ගතකරන දිවිය හරිම කටුකයි .
අසෝක, ඔබගේ තොරතුරු සඳහා විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇත. බොහෝ දීමනා සඳහා UPF, ETF සහ විශ්‍රාම වැටුප් භුක්ති විඳිනවා. ඔවුන්ට ලැබෙන දීමනා ලෙස ඔබ දන්නවාද? මේවා ලංවිම හා පෙට්‍රෝලියම් වලට පමණක් දෙවැනි වන්නේ නැත.