
වියළි කලාපයේ පුරාණ ගම්මානවල ජනතාව ඈත අතීතයේ සිටම තමන්ට හෝ තම පවුලේ කෙනෙකුට ඇතිවන කිසියම් අතුරු ආන්තරාවක් වළක්වා ගැනීමට නැතහොත් ඉදිරි යහපත් අරමුණක් සාර්ථක කර ගැනීමේ චේතනාවෙන් අයියනායක දෙවියන් උදෙසා බාරහාර වෙති.
එම බාර හාර නිදහස් කිරීමේ මංගල්‍යය හෙවත් ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ සෑම වර්ෂයකදීම, අගෝස්තු මාසයේ නියමකර ගත් දිනක වැව්තාවුල්ලේ රුක් සෙවනේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් චාරිත්‍රනුකූලව සිදු කෙරේ.
වයඹ පළාතේ පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ප්‍රදේශයේ ගම්වාසීන්ගේ බාරහාර නිදහස් කිරීමේ වාර්ෂික මංගල්‍ය හෙවත් ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ අද (01) බලගොල්ලාගම වැවතාවුල්ලේ දී සිදුකෙරිණි.
මේ සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර බලගොල්ලාගම ප්‍රදේශයට යාබද පුරාණ ගම්මාන වන මූණමල්ගස්වැව, පහළපුලියන්කුලම, මහගම, මැදගම ගම්මානවල ජනතාවද නුදුරු ස්ථාන දෙකකදී ද අද දින මේ ආකාරයටම ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ සංවිධානය කර තිබුණි.







ඡායාරූප සහ විස්තර - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
COMMENTS
වැව්තාවුල්ලේ, රුක් සෙවනේ, "සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍ය "මොනතරම් ලස්සන වැකි පෙළක්ද? සංකීර්ණ වූ නාගරික ජීවන රටාවකට පුරුදු වූ අයට මෙවැනි දර්ශන පෙළක්, පින්තූරයකින් හෝ දකින්නට ලැබීම භාග්‍යයකි. 5වෙනි පින්තූරයේ පෙනෙන දර්ශනයට සිත් ගියේ, මහ පොළවේ පය ගසා ජීවත් වෙන, දොහොත් මුදුන් දී තම ශ්‍රද්ධාව පෙන්වන සැබෑ ගැමියෙකුගේ දසුනක් දැක ගැනීමට හැකිවූ බැවිනි.
පූජා,මේවා අපගේ සංස්කෘතික ලක්ෂණ. මේවා ජාතියකට පොදු උරුමවූ දේවල්. ඔයා අහලා ඇති පිටරටවල තිබෙන අස්වැන්න නෙළන කාලයට පවත්වන හෙලොවීන් උත්සවය. ඒ මිනිසුන් දියුණු වුණාට පැරණි සංස්කෘතික දේවල් මහා ආශාවකින් පවත්වාගෙන යනවා. සංස්කෘතියක ඇති අගය ඒ අය දන්නවා. මේවා අැසීමෙන් දැකීමෙන් මාත්, අපමණ සතුටක් ලබනවා.
විමලරත්න කුමාරගම කවියා වන්නියේ උප දිසාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ගැමියන්ගේ ජීවන රටාව හා බද්ධ වී සිටියා. ගැමියන්ගේ විඤ්ඤාණයට ගැලපෙන ආකාරයට ඔහු කවි ලිව්වා. ඔහු ලියූ අයියනායක කවි පෙළ මාගේ බෙහෙවින් සිත් ගත් දෙයක්. " සෙවනැලි අවධි නොමවන වැව් ඉවුරු කොනේ - කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ - මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ - දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ " වන පෙත දැවෙන විට වැද මළ හිරුගේ රත - ඝනදුර වසනවිට ආලෝකයෙහි නෙත - සඳරැස් ගලනවිට තෙරපී සෙවන මත - එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත " ‘‘ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන - අහුමුලු නෑර සිය අණ සක පතුරුවන - බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන - මේ අය රකිනු මැන යන එන සියලු තැන "
මීට අවුරුදු විස්සකට කලින් ඒ් සඳහා සහභාගි වූ කෙනෙක් හැටියට මට හරිම සතුටක් දැනෙනවා.. ඒ මගේ ගම් ප්‍රදේශය නිසා... මේ පින්තූරයේ සිටින වැඩි දෙනෙක් මගේ හිතවතුන්, මෙන්ම ඥාතීන්. විශේෂයෙන් මෙහි වාර්තාකරු ජයා, මගේ හොඳ මිතුරෙක්.. ඔහු මම අවුරුදු ගණනකින් දැක්කේ නැහැ. මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මිනිසා සහ පරිසරය අතර පවත්නා වෙන්කළ නොහැකි එකිනෙක බැඳුණු දැඩි මානවීය බැඳීමක් බවයි.
මීට අවුරුදු 20කට කලින් ඒ සඳහා සහභාගි වූ කෙනෙක් හැටියට මට හරිම සතුටක් දැනෙනවා.. ඒ් මගේ ගම් ප්‍රදේශය නිසා.. මේ පින්තුරයේ සිටින වැඩි දෙනෙක් මගේ හිතවතුන්, මෙන්ම ඥාතීන්. විශේෂයෙන් මෙහි වාර්තාකරු ජයා, මගේ හොඳම මිතුරෙක්... ඔහු මම අවුරුදු ගණනකින් දැක්කේ නැහැ. මෙහිදි සඳහන් කළ යුතු වන්නේ මිනිසා සහ පරිසරය අතර පවත්නා වෙන්කළ නොහැකි එකිනෙක බැඳුණු දැඩි මානවීය බැඳීමක් බවයි.
දෙවියෙකු ඇතත් නොමැතත් මේ කැපවීම සිදුවූ අයුරු සංහිඳ කිරි ඉතිරීම පිරිසිඳු හදින් යුතු ගැමියන් පැමිණීම සිත් මල් පිපෙනවා සැමගේ එකසේම
වැඩේ නම් හොඳයි. ප්‍රශ්නෙ තියෙන්නේ මුහුණු ආවරණ නැති කම. කොරෝනා වැළඳුණොත් දෙයියන්ගේම පිහිට තමයි.