
(ඩී.කේ.රත්න)
අක්කර 500ක් පමණ දැවෙමින් දින 02ක් පුරා පැතිරී ගිය රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිතයේ ගින්න දැඩි මෙහෙයුමකින් අද (6) සවස සම්පූර්ණයෙන්ම නිවා දැමීය.
යුද හමුදා, පොලිස්, වනජීවී, වන සංරක්ෂණ සහ බණ්ඩාරවෙල ගිනි නිවන ඒකකයේ නිලධාරීහු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල සහයෝගයද ලබා ගනිමින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
මෙහිදී ගුවන් හමුදාවේ බෙල් 12 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් වැල්ලවාය අලිකොටආර ජලාශයෙන් ජලය රැගෙනවිත් ගුවනේ සිට මෙම ගින්නට දැමීෙමන් ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවෙන් විශාල සහයෝගයක් ලැබිණි.
ඇල්ල රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිත ප්‍රදේශයේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක මෙම ගින්න හට ගැනීමත් සමග මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විණි.
ඇල්ල රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිත ප්‍රදේශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ මෙම ගින්නෙන් විනාශ වී ඇතැයි වනජීවී නිලධාරිහු පවසති.
අද (6) උදෑසන සිටම මෙම ගින්න නිවා දැමීමේ මෙහෙයුම සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම අපගේ ස්තුතිය..!!!
දැන් වතු දෙමළ අයත් එතන තේ වගා කරාවි...!!! කොහෙත් වෙන දේ...