
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11ක් ඇතුළ තුළ අද (14) දවසේ ස්ථාන තුනක සිදු වූ අනතුරු තුනකින් වාහන 12කට හානි සිදුවී එක් අයකු තුවාල ලබා ඇතැයි පොසිය කියයි.
කිලෝ මීටර් 19 සහ 30 අතර ස්ථනවල මෙම අනතුරු තුනම සිදුව තිබේ.
එක් ස්ථානයක වාහන 12ක් ද තවත් ස්ථානයක වාහන හතරක් හා තවත් ස්ථානයක වාහන තුනක් වශයෙන් ගැටී ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ පැය ගණනක් දැඩි වාහන තදබදයක් පවතී. අද දින විශාල පිරිසක් කොළඹින් පිටවන අයුරු දැක ගත හැකි විය.












COMMENTS
අපේ අයට තවම අධිවේගී මාර්ග භාවිතය ගැන නිසි අවබෝධයක් නෑ. වාහන අතර පරතරයක් තියාගන්නේ නැතුව පිස්සෝ වගේ යන්නේ. ඉතිං හදිසියක් වුණොත් වාහනය නතර කරගන්න බෑ.
වාහන එළවන්න දන්න අයට අපේ පාරවල් හදන්න.. වඳුරන්ට දැලි පිහිය දුන්නා වගේ තමයි ඉතින්...
මේ මාර්ගයේ වාහන යන ආකාරය ගැන මම මීට පෙර කීප වතාවක් අදහස් දැම්මා. සිග්නල් දමන්නේ නැහැ. පරතරය ගැන කිසිම තැකීමක් නැහැ. හිටි හැටියේ දකුණට දානවා. මෙහෙම අනතුරු නොවුනොත් තමා පුදුමේ. මේවාට අධිවේගයේ ඉන්න පොලිසිය වග කියන්නම ඕන. මීටරේ අල්ලගෙන ස්පීඩ් එක බලල දඩ කොලේ ලියන්න විතරයි එයාලට ඕන.