
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත උතුරු තොඩුවාව ධීවර ගම්මානයේ වෙරළ තීරය උග්‍ර ලෙසින් මුහුදු කෑමට ලක්ව ඇතත් මේ දක්වා ඊට වගකිව යුතු ආයතනවල අවධානය යොමුව නැතැයි කියමින් ධීවරයෝ අද උද්ඝෝෂණයක නිරත වෙති.
උග්‍ර අයුරින් මුහුදු ඛාදනය වන අතර මෙතෙක් ඊට ස්ථීර විසැඳුමක් නොගැනීම නිසා මේ වන විට වෙරළාසන්නයේ විශාල බිම් තිරයක් මුහුදු කෑමට ලක්ව ඇති බවත් ඔවුහු කියති. මේ නිසා ඉදිරියේ දි තම නිවාස පවා මුහුදට ගසා ගෙන ගොස් තමන්ට උන්හිටිතැන් නැතිවන තත්ත්වයක් ඇති විය හැකි බවත් ඔවුහු සඳහන් කරති.
මෙයට විසදුම් වශයෙන් වෙරළට කළු ගල් වැටි දැමීම ආරම්භ කළත් පසුගිය කාලයේ දි එය අතර මඟ නවතා දැමුනු ඔවුහු චොදනා කරති.
තොඩුවාව මීසම පාලනාධිපති සංචල වසාර පියතුමෝ ද මෙම විරෝධතාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට කියලා මුහුදෙන් වැලි පොම්ප කර ගන්න. කෝටි 9ක් වියදම් කරලා ගල්කිස්සේ වෙරල ගොඩකරපු වැඩේ සාර්ථකයි කියලා සූපවේදී අන්කල් කිව්වා...
හිතන්න අමාරුයි. ඔය දුක් ගැනිවිලි වලට බලධාරීන් ඇහුම්කන් දෙයි කියලා. දැන් තත්වය එහෙමයි.