ඇඳිරි නීතිය නැති වෙලාවේ වගකීම් පැහැර හරිනු එපා
කොරෝනා මාරාන්තික වයිරසය යම් පමණකට පාලනයවීම සැලකිල්ලට ගෙන දිස්ත්රික්ක 18ක ඇඳිරි නීතිය නිශ්චිත කාල සීමාවක් තුළ තාවකාලිකව ඉවත් කෙරුණි. එම ප්රදේශවල නැවත 25-26 දෙදින පුරා ඇඳිරි නීතිය පනවා පසුදින පෙරවරු 5.00ට ඉවත් කිරීමට නියමිතය. කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම යන දිස්ත්රික්කවල ද ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීම ලබන 27 වැනිදා සඳුදාට නියමිතව තිබේ. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම මෙසේ තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීමේ රජයේ අරමුණ ලෙස ද ප්රකාශයට පත් වී