IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


’’ලුණු ආනයනයට අපෙන් බාධා නෑ’’

(අංජුල මහික වීරරත්න)

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කිසිදු බාධාවක් පනවන්නේ නැතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නිවේදනය නිකුත් කරන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලුණු ආනයනයට විවිධ බාධා පමුණුවන බවට පළ කෙරුණු පුවතක් පිළිබඳව අදහස් දක්වමිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලුණු ආනයනය කිරීමට අපේක්ෂාවෙන්  අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයට 2025.05.22 දින වන විට ආනයනකරුවන්  117 දෙනෙකු ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම ඉහත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ලුණු මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ඊයේ (22) වනවිට ආනයනයට පහසුකම් ලබා දී ඇති බව ද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටී.

මෙම ලුණු තොග වරායට ළඟා වූ පසු කඩිනමින් මුදාහැරීම සදහා ද අවශ්‍ය පහසුකම් සැලසීමට ද  මේ වනවිටත් කටයුතු සුදානම් කර ඇති බවත්, කිසිදු ප්‍රමාදයක් සිදුවීමට ඉඩ තබා නොමැති බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.



අදහස් (0)

’’ලුණු ආනයනයට අපෙන් බාධා නෑ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 37 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site