IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


’’ මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා’’

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ  කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මහජනයාගේ බදු වල හැම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා එම පියවර ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය.  කැබිනට් මණ්ඩලය වගේම මන්ත්‍රීවරුන් එවැනි පියවර ගෙන ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට කොළඹ ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

රටේ බදු ගෙවීමේ මැලිකමක් තිබෙන බව විවිධ සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු වෙනවා.ඊට හේතු වෙලා තියෙන්නේ කුමක්ද? එකක් අපේ දේශපාලන අධිකාරය.දේශපාලන අධිකාරිය විසින් අප රටේ බදු මුදල් පරිහරණය කරන ලද ආකාරය පිළිබඳව බදු ගෙවන්නන්ටත් පොදු ජනයාටත් විශාල විවේචනයක් තිබෙනවා.මේ රටේ බදු ගෙවන්නන්ගෙන් එකතු කරගන්නා මුදල් දේශපාලන අධිකාරිය විසින් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවනවා යන පණිවිඩය මුලින්ම බදු ගෙවන්නන්ට ලබා දිය යුතුයි.ඒ වගකීම මටත් අමාත්‍යංශ වලටත් දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා.

ඔබ ගෙවන කිසිම බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවට මා සහතිකයක් ලබා දෙනවා.

ජනාධිපතිවරයා ලෙස මට ජනතාවගේ බදු මුදල් වලින් යම් වරප්‍රසාදයක් ලබා දී තිබෙනවා.අමාත්‍ය මණ්ඩල තීරණ විසින් යම්  වරප්‍රසාද ලබාදී තිබෙනවා.මේ වන විට අප ඒ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැර දමා තිබෙනවා.



අදහස් (24)

’’ මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා’’

වින්සන්ට් කජ්ජා Monday, 02 June 2025 12:15 PM

අයියෝ, කලින් අය වගේ ආණ්ඩුව කරන්නකෝ. පිටරට සුපිරි කෑම, බීම, වාහන ගන්න. එතකොටනේ බදුගෙවන ජනතාවට ලොකුකම පෙන්නල යන්න පුලුවන්. දවසට කජු කිලෝ දහයක් විතරවත් කන්න.

:       82       96

යෝගා Monday, 02 June 2025 12:34 PM

එහෙම කරලා අනිත් අමාත්‍යාංශ වලින් වියදම් පිරිමහගන්නවා. ජනතාව ඇන්දවීම තවමත් ඉවර නෑ නේ?

:       115       80

පර්සි මරාMonday, 02 June 2025 12:51 PM

යෝග වගේ ගොබ්බයියෝ තමන්ගෙ පරමාදර්ශී චරිත කරපු විදිහ ගැන තාම කතාකරනවා.

:       70       97

Nihal Monday, 02 June 2025 01:01 PM

ඔහොම නෙමෙයි දිළින්දන් උනත් කැමති සමුළුවලට ඵහෙම යනකොට පවුල්වල සනුහරේ ඔක්කෝම ප්ලේන්වල පුරෝගෙන විදේශ රටවලට එන්නකෝ, මැඩම්ලා පැරිස් වල මිල අධික සාප්පු සවාරි යනවා අපේම ඇස් දෙකෙන් ආයේ දකින්න.

:       64       35

මාලිමාගැත්තා Monday, 02 June 2025 01:23 PM

ඔන්න වැඩ බලාගන්න. අම්මලා කුස්සියේදී හාල් මිට මිට ඉතුරු කරනවා වගේ. අර සැප වාහන සේරම පොඩි ගාණකට වික්කා. ඒ සල්ලිත් මහ ජනතාවට. දැන් මේ ඉතිරි කරන සල්ලිත් මහ ජනතාවට. තව ටික දවසකින් බදු අඩු කරනවා. විදුලි බිල අඩු කරනවා. රට සුරපුරයක් වෙනවා. මං වගේ මාලිමා ගැත්තන්ට හරිම චූන්....

:       17       49

මං තාම වහලෙක්Monday, 02 June 2025 03:23 PM

මං වගේ බයියන්ට චූන් වෙන්නේ අපේ වීරයො වගේ පගා, කොමිස් ගහලා දක්ෂකම් පෙන්නනකොට..

:       5       17

රුවන් Monday, 02 June 2025 01:30 PM

මම නම් කියන්නේ අනුර මෝඩයි, හරියට දකුණු කොරියාව, සිංගප්පූරුවේ, ජපානයේ, චීනයේ, තායිවානයේ වගේ මෝඩ පාලකයින් හිටිය රටවල්. ලංකාවේ ඉන්න ඕනේ හිටපු අය වගේ හරිය හයිටිය, උගන්ඩාව, සුඩානය සහ සිරියාවේ වගේ ආණ්ඩු. ලංකාවේ තාමත් බහුතරයක් කැමැති ලංකාව හයිටිය වගේ දියුණු වෙනවට වඩා මිස සිංගප්පූරුව වගේ දුප්පත් වෙන්න නෙමෙයි. (ලංකාවේ අයට පෙන්නේ අනිත් පැත්ත හින්දා එහෙම දැම්මේ...)

:       29       7

de silva Monday, 02 June 2025 01:51 PM

ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔබතුමාගේ වැය ශීර්ෂය නොවේ , රජයේ දිනක වියදම රුපියල් බිලියන 7 කි අදායම බිලියන් 5.5 කි , අර මම කලින් කිව රුපියල් බිලියන් 7 න වැඩි හරියක් වියදම් වෙන්නේ රටට අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවකයන් නඩත්තු කිරීමටය , මොවුන් ගෙන් කොටසක් ඉවත් කර හෝ ප්‍රතිවියුහගත කරගත යුතුය , කාර්යක්ෂම රජයසේවයක් ජනතාවට සැපීමට ඔබ සමත්වේද නැද්ද කියන කරණය මත රටේ ඉදිරිගමන තිරනයවේ

:       2       38

Haren Monday, 02 June 2025 02:06 PM

ජයමංගල ගීත වල ඉඳලා කාපල්ලා , ජනතාවට ලබාදුන්න එක දෙයක් කියන්න බලන්න … අනේ , නිකං පච ඇදබාන්නේ නැතුව ඉන්න

:       33       51

Janitha Monday, 02 June 2025 02:20 PM

පච ලාබයි ගන්න මහතුනේ

:       33       52

කන්ටේනර් 323ක් හොරෙන් පිටකරපු එකා Monday, 02 June 2025 02:30 PM

ඊළඟ චන්දේ එනකන් මිනිස්සු මග බලාගෙන ඉන්නේ, මෙයාගේ පරම්පරා ලකුණත් කප්පාදු කරන්න !

:       33       53

ඡන්ද මිලියනයක් ගත්ත රට කාපු බයියාMonday, 02 June 2025 02:49 PM

එහෙම මග බලන් ඉන්නේ හොරාකන්න පුරුදු වුණු තමන්ගේ නායකයින් අනුගමනය කරන බයියෝ. මිනිස්සු නොවේ...

:       36       16

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාMonday, 02 June 2025 06:02 PM

ඔව් ඔව් ! එහෙම මග බලාගෙන නොඉන්නේ බත්කන මිනිස්සු නෙමෙයි...! බද්රානි, අරවින්ද මොනරවිල, සෙනෙවිරත්න වගේ බත් කන හරක්...!

:       5       10

ගමේ එකාලා Monday, 02 June 2025 03:17 PM

දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ ඔවුන්ව නඩත්තු කරන්න ජනතා බදු මුදල් වලින් වැඩිම කොටසක් වැය කෙරුවේ. ජනතාවගේ රිරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු. වහලුන්ට නම් නම් හොඳ ඇති....

:       4       11

මැක්ස් Monday, 02 June 2025 03:19 PM

රටම මේ වන කොට ඔබතුමා සහ හෙංචයියන් විසින් කපා දමා ඇති කොට තව වෙන මොන කතාද?

:       12       6

PA RA Monday, 02 June 2025 03:23 PM

ඔබ කරගන්නා එය විශාල පිනක්. රටේ බදු මුදල් අය කරන්නේ රටේ දියුණුවට සහ යම් අභිලාශයන්ටයි. පසුගිය කාලයේ එම බදු මුදල් දේශපාලකයින්ගේ සුඛ විහරණයට යෙදූ නිසා රට අගාධයට වැටුණි. මහ බැංකුවේ රත්තරන් මුදල් සොරකම් කර අපට සුමිහිරි කතා කිවූ බව අමතක නොවුණි...

:       2       10

de silva Monday, 02 June 2025 04:03 PM

රටක ජනධිපතිවරයෙකුගේ කාලය ඉතා වටිනවා ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබෙන්නත් ඕනේ එමනිසා ඔහුට ත්‍රිරෝද රථයක හෝ පාරේ බස් එකේ ගිහින් රාජකාරි කරන්න බැහැ , ඔහු හොඳ වහනෙක යන්න ඕනේ සමහරවිට දුර ගමනක් හෙලිකොප්ටරෙන් යන එකත් ලාභදායක වෙන්න පුළුවන් ඔහු අවංකව , දුෂණයෙන් තොර රාජකාරියක් කරනවා නම් ඔහුට හොඳ වැටුපකුත් ලැබෙන්න ඕනේ නමුත්. ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔබතුමාගේ වැය ශීර්ෂය නොවේ , රජයේ දිනක වියදම රුපියල් බිලියන 7 කි අදායම බිලියන් 5.5 කි , අර මම කලින් කිව රුපියල් බිලියන් 7 න වැඩි හරියක් වියදම් වෙන්නේ රටට අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවකයන් නඩත්තු කිරීමටය , මොවුන් ගෙන් කොටසක් ඉවත් කර හෝ ප්‍රතිවියුහගත කරගත යුතුය , කාර්යක්ෂම රජයසේවයක් ජනතාවට සැපීමට ඔබ සමත්වේද නැද්ද කියන කරණය මත රටේ ඉදිරිගමන තීරණය වේ... මසකට අපේ ණය පොලි ගොඩට රුපියල් බිලියන 45 පමණ අලුතෙන් එකතු වෙනවා. ඔබගේ වියදම් ඉතා අඩුකරගන්න එකට මගේ ආචාරය පුද කරමි. නමුත් ඔබ ජාතික සම්පත් කියමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි මහජන මුදලින් නඩත්තු කරන එකට මගේ විරෝධය පලකරමි.

:       1       5

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 02 June 2025 04:50 PM

කප්පාදු කරපු ලිස්ට් එක දැම්මා නම් හොඳයි. මොකද අප දන්නේ ජයමංගල ගාථා සහ රණවිරු උපහාර වියදම් ගැන විතරයි...

:       7       8

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 02 June 2025 04:53 PM

පයබරවාට පිටකර බෙහෙත් බඳිනවා කියන්නේ මෙන්න මේවාට තමයි...

:       6       7

ගුණරත්න Monday, 02 June 2025 04:53 PM

අපට මේ ආණ්ඩුවේ අවුරුද්දක වැඩකිඩ බලාගන්න තව ස්වල්ප කාලයයි තිබෙන්නේ..., තව එක කාර්තුවකින් ජනාධිපති ධුර කාලය අවුරුද්ද සමරනවා. කාලය ඉතාම වේගයෙන් යන්නේ, ඔය ආණ්ඩුව අලුත් පිට තාම පුරුදු වෙනවා. තාම මේ පත්කළා විතරයි කියපු කතා දැන්... යල්පැන ගිහින් දැන් අපට ඕනෑ වැඩ... වියදම් කැපිල්ල හොඳයි, ඒත් ඔය වියදම් හූණු බිජ්ජක්. පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව රුපියන් බිලියන සිය ගණනක් ඒවගේ පාඩු තියාගෙන සුළු සුළු මුදල් කැපිල්ලකින් ආර්ථිකයට දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. හොරකම් නැවැත්තුවා කිව්වත් රජයේ ආයතනවල පාඩුව තවම එහෙමමයි.. ඉතින් ඒවාට දැනෙන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.

:       5       7

Aela Monday, 02 June 2025 05:03 PM

ඉංග්‍රීසි කියමනක් තියෙනවා පීටර්ගේ ණය ගෙවන්න පෝල්ගේ සල්ලි හොරකම් කරනවා කියලා. රජයේ වියදම් සහ පුරවැසියාට ලැබෙන ප්‍රතිලාභ සංසන්දනය කරනකොට, අපි මුළු වැඩකට නැති ආණ්ඩුවම කාර්යක්ෂම රටකට බාර දෙනවා.

:       5       5

fairoosmr Monday, 02 June 2025 05:22 PM

ඉතාම හොඳයි... NPP ආණ්ඩුවට ජයවේවා... රට බංකොළොත් කරපු හිටපු සෙට් එකටම හෙණ 7ම වදින්න ඕනෑ...

:       7       11

sarath zoysa Monday, 02 June 2025 05:49 PM

සිල්වා මහතාගේ කතාව සහතික ඇත්ත මගේ වැටුප මසකට ලක්ෂ එක්ලක්ෂ හැට දහසකි..., ඒකෙන් දරුවන් 3 දෙනෙකුගෙන් යුතු පවුලක් නඩත්තු කරන්න ඕනේ... ගෙවල් කුලී 25000 ගෙවන්න ඕනේ , යතුරු පැදියේ ලිසිං වාරිකේ 21000 ගෙවන්න ඕනේ, යතුරු පැදිය නැතිව වැඩට යන්න බැහැ... රෑට පාරේ බස් නැහැ , ජීවත් වෙන්න වැටුප මදි..., යන්තම් රෝල ගහගන්නේ වසර 3කට පෙර ගමේ ඉඩමක් විකුණලා දමපු ලක්ෂ 30ක ෆික්ස් ඩිපොසිට් එක නිසා, ඒකට දැන් ලැබෙන්නේ සොච්චම් පොලියක්... ඒකටත් ටැක්ස් කපා ගන්නවා. මම ජීවිතේට ගුවන්තොටුපලේ රථ ගාලෙන් එහට ගිහින් නැහැ... ඉතා අමාරුවෙන් උපයන මම ඇතුළු බොහෝ දෙනෙකු ගෙවන බදු සල්ලිවලින් ශ්‍රී ලන්කන් කියන සුදු අලියා නඩත්තු කරන්න කටයුතු කරන එක ඉතා අසාධාරණ නේද ජනාධිපතිතුමා, ඔබතුමාගේ පුත්‍රයා එකේ වැඩ කරන එක වෙන කතාවක්...!

:       6       4

R.T sarath Monday, 02 June 2025 05:56 PM

සිල්වා මහතා කියන කතාව සත්‍යයක්ද? මසකට රුපියල් බිලියන 45 අලුතෙන් ණය ගොඩට එකතු වෙනවාද? ශ්‍රී ලන්කන් එකෙන් ඔය කියන තරම් විශාල පාඩුවක් සිදු වෙනවාද? රජයේ සේවය නම් විශාල අවුලක් බව ඕනෙම කෙනෙකුට පෙනෙනවා.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 214 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 382 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site