IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට

(යොහාන් භාසුර)

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (27) නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙහි නිශ්චිත බර මේ වනවිට ගණනය කරමින් පවතින අතර එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව බව ද නාවික හමුදාව සඳහන් කළේය.

එම බහුදින ධීවර යාත්‍රා දික්ඕවිට වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව කළ වැඩිදුර පරීක්ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වූ බවත් දැනට කළ පරීක්ෂණවලින් එහි මත්ද්‍රව්‍ය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් හයසියයකට (600) වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවට තහවුරු වූ බවත් නාවික හමුදාව කීය.

එම බහුදින ධීවර යාත්‍රා දෙක සමඟ සැකකරුවන් 11ක් නාවික හමුදාව කළ එකාබද්ධ මෙහෙයුමකින්  නීතියේ රැහැනට හසුකරගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය එක්ව මෙම විශේෂ එකාබද්ධ මෙහෙයුම කළ බවත් නාවික හමුදාව කීය.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සමඟ නාවික හමුදාධිපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා සහභාගී වූ බව ද නාවික හමුදාව පැවසීය.  

මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩපැවැත්වීම සඳහා සියළුම මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිද හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියළු පාර්ශවයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව කරන බවත්, මත්ද්‍රව්‍ය  ජාවාරමට සම්බන්ධවන ඕනෑම පාර්ශවයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත්ය.      



අදහස් (1)

හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට

m.dammasiri Wednesday, 28 May 2025 03:04 PM

උසාවි ගබඩාවේදී පාන්පිටි නොවේවා...!!!

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 108 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 258 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 577 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site