(දිලංගා ගෝමස්)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් පැහැති ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළේය.
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව සැකකාර දුමින්ද දිසානායක මහතා රෝගී තත්ත්වයෙන් පසු වන හෙයින් බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.
රන් ආලේපිත ටි 56 ගිනි අවිය බලපත්‍රයක් නොමැති නීතියානුකූල නොවන ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතා පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කොට තමන් දැනුම් දෙනතුරු මෙය පළමුවන සැකකාරිය සන්තකයේ තබාගන්නා ලෙසට පවසා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
හිටපු ඇමැති දුමින්ද රිමාන්ඩ්